අවසන් ප්‍රතිඵල පිටවීමටත් කලින් මා නික්ම ගියේ ජනමතයට ගරු කරමින්

  👤  4110 readers have read this article !
By mawbima 2018-02-21

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන දේශපාලන නායකයන් ඕනෑම ඡන්ද විමසීමකින් පසුව ලැබෙන ප්‍රතිඵල අනුව ජනමතයට ගරු කළ යුතු බවත් තමා 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත්වීමටත් පෙර අලුයම 4.00ට පමණ ජනාධිපති මන්දිරයෙන් නික්ම ගියේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් සමඟ වර්තමානයේ පවතින අර්බුදකාරි දේශපාලන තත්ත්වය ගැන කරන ලද සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

2015 ජනවාරි 8 පැවැති ජනාධිපතිවරණයේ නිල සමස්ත ප්‍රතිඵල නිකුත් වූයේ 09 වැනිදා දහවල් 2.00ට පමණ බවත් ඒ වනවිට තමා සිටියේ මැදමුලනේ නිවෙසේ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය, සම්මුතිවාදය, යහපාලනය, ලිච්ඡවී පාලනය වැනි කරුණු ගැන කෙතරම් කතා කළත් වැඩක් නොවන බවත් වඩාත් වැදගත් වන්නේ ඒ අනුව ප්‍රායෝගිකව කටයුතු කිරීම බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon