එජාප ආණ්ඩුවක් ආවොත් ඒකාබද්ධයට විපක්ෂ නායකකම ඉල්ලනවා

  👤  4004 readers have read this article !
By mawbima 2018-02-20

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී තනි එජාප ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියාකළහොත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ලබා ගැනීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබේ.

මේ ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අනුමැතිය හිමි වී තිබෙන බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ විවිධ බාධා රැසක් මධ්‍යයේ එම අභියෝගවලට මුහුණ දෙමින් ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ නියම භූමිකාව සිදු කළ බවත් විපක්‍ෂ නායක ධුරය ලැබීමෙන් අනතුරුව ආණ්ඩුවට එරෙහිව සැබෑ විපක්‍ෂයේ භූමිකාව දැඩිව සිදුකරන බවත් දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් පිහිටු වීමට ක්‍රියා කළහොත් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ලබාදෙන ලෙසට කතානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කරන බවද දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon