ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දුව එනතෙක් ජාතික ආණ්ඩුවේ ඉන්නවා

  👤  4336 readers have read this article !
By mawbima 2018-02-20

ආණ්ඩුවෙත්, රටෙත් ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති ඇමැතිවරුන් සහාය දීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල පැවැසීය.

"මා විසින් නිකුත් කර තිබූ නිවේදනය සත්‍ය බව ප්‍රකාශ කරනවා. ඊයේ රාත්‍රි වනතුරු පැවැති සාකච්ඡාවලට අනුව එම නිවේදනය නිකුත් කළා. ආණ්ඩුව සමඟ එක්ව සිටින ශ්‍රීලනි පක්ෂයේ සහ එජනි සන්ධානයේ මන්ත්‍රිවරු ආණ්ඩුවෙන් ඉවත් වීමට ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා. එසේ ඉවත්වීමේදී නීතිමය වශයෙන් ඇති වන බලපෑම පිළිබඳ නීතිපතිවරයා විමසූ අවස්ථාවේ, ඒ සම්බන්ධයෙන් ඇති විය හැකි බලපෑම සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව දැනුම් දුන්නා."
"ඒ අනුව ශේ‍ර්ෂ්ඨාධිකරණයේ මතය මේ පිළිබඳව විමසීමට ගනු ලැබූ තීරණයට අනුව, ශේ‍ර්ෂ්ඨාධිකරණයේ මතය ලැබෙන තෙක් තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටීමට තීරණය වී තිබෙනවා."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon