සමයංගේ ගෝලයන්ට වැරදිලා

  👤  4256 readers have read this article !
By mawbima 2018-02-20

චාමර අමරසූරිය

තලංගම, විමලතිස්ස මාවත ප්‍රදේශයේ නිවෙසෙහි නිදාගෙන සිටි අඹුසැමි යුවළකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

පාතාල නායක සමයං ඝාතනය කිරීමේ සිද්ධියට පළිය ගැනීම සඳහා මෙම අඹුසැමි යුවළ පදිංචි නිවෙසට යාබදව සිටි අතුරුගිරියේ ලැඩියාගේ ගෝලයකු ඉලක්ක කර ගනිමින් පාතාල සාමාජිකයන් දෙදෙනකු පැමිණ ඇති බවද පොලිසිය පවසයි.

නමුත් නිවෙස් දෙක මාරු වීම හේතුවෙන් මෙම වෙඩි ප්‍රහාරය අඹුසැමි යුවළ ඉලක්ක කර ගනිමින් එල්ල වූ අතර මින් 51 හැවිරිදි ස්වාමි පුරුෂයා මිය ගොස් 48 හැවිරිදි බිරිය බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
කොන්ත්‍රාත් මුදලකට මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවටද පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.
තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහිංකන්ද මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත ඒ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදුකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon