මහ සඟරුවන පාරට බැහැලා මේ ආණ්ඩුව ගෙදර යවනවා

  👤  4227 readers have read this article !
By mawbima 2018-02-20

රට තවදුරටත් අරාජික නොකොට පූර්ණ විධායක බලතල ක්‍රියාත්මක කර රට කළ හැකි අයකුට අගමැති ධුරය ලබාදිය යුතු බව මවුබිම සුරුකීමේ සංවිධානය ප්‍රකාශ කරයි.
නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හවුවකට එක්වෙමින් එම සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මේ බව පැවසූහ. තවදුරටත් ජනතාව අසරණ කිරීමට ඉඩදිය යුතු නැහැ. වසර 3කට වැඩි කාලයක් මේ ආණ්ඩුව කළේ ජනතාව කබලෙන් ළිපට දැමීම විතරමයි. පසුගිය මැතිවරණයෙන් ජනතාව පැහැදිලි පණිවුඩයක් දීල තිබෙනවා මේ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව රටට අවශ්‍ය නොමැති බව. ජනතාව මොකක්ද මේ කියන්නේ, බොරුවලින් තවදුරටත් රට පාලනය කිරීමට ඉඩක් නැහැ කියන එකයි. පළාත් පාලන මැතිවරණයෙන් බිඳ වැටුණේ ආණ්ඩුව. ඉතිහාසයේ කවදාවත් මෙහෙම වෙලා නැහැ. මේ නිසා අපි කියනව ජනාධිපතිවරයාට, කරුණාකරල මේ කැබිනට් මණ්ඩලය විසුරුවන්න කියලා. මොකද දැන් අවශ්‍ය රට සංවර්ධනය කරන්න පුළුවන් ආණ්ඩුවක් බිහිකරන එකයි. ඒ නිසා මම ජනාධිපතිවරයාට කියන්න කැමැතියි නැවෙන ප්‍රතිපත්තිය නොමැතිව ඍජු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න කියල. එහෙම නැත්නම් ජනමතය ආරක්ෂා කරන්න, රට සුරකින්න මහ සඟරුවන එළියට බහින කාලය වැඩි අෑතක නැහැ කියල. සංඝරත්නය ඒකරාශි කරල මේ ආණ්ඩුව පලවා හරිනවා.

රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්
රනිල් ඉතිරි අවුරුදු දෙකත් රට කාලා ඉවර වෙලා වතුර වීදුරුවත් බීල ගෙදර යයි යන්න. හොඳම ගෝලයා මහ බැංකුව මංකොල්ල කෑවට පස්සෙ අගමැති ධුරයෙන් ඉවත් නොවූ රනිල් පළාත් පාලන මැතිවරණය පරාජයට පත් වුණා කියලා ගෙදර යයිද? ඡන්දයෙන් පස්සේ අද ආණ්ඩු හැදිල්ල විහිළුවක් වෙලා. මට තේරුම් ගන්න බැරි ඉදිරියේදී පිහිටුවන්නේ ඩාලි පාරේ ආණ්ඩුවක්ද? සිරිකොත ආණ්ඩුවක්ද? නැත්නම්, ජනාධිපති මන්දිරයේ ආණ්ඩුවක්ද කියල. 113 තියේනම් මම කියන්නේ මේ වෙලාවේ ඊව්ඒ එකට හරි ආණ්ඩුව භාරදිය යුතුයි. දැන් තියෙන අලුත්ම සෙල්ලම මොකක්ද? රනිල් යෝජනා කරනව අගමැතිකම කරු ජයසූරියට දෙන්න ඕන කියල.

කරු ජයසූරිය අගමැති වුණත් නැවත අගමැති වෙන්නෙ රනිල්ම තමයි. මේ ආණ්ඩුව ඇහුම්කම් දෙන්නෙ ජනතා මතයට නෙවෙයි ජාත්‍යන්තර මතයටයි. ජාත්‍යන්තරය හමුවේ ආණ්ඩුව පණනල විනාශ කරගෙන. රණවිරුවන්ට, රටට, ජාතියට, ආරක්ෂාවක් මේ ආණ්ඩුව හරහා ලැබෙන්නේ නැහැ. ඩොලරය ඉහළ යනව. රුපියල මස්තබාල්දු වෙනවා. හිඟන්නෙක්වත් රුපියල ගණන් ගන්නේ නැති තත්ත්වයට පත්වෙලා.

මවුබිම සුරැකීමේ සංවිධානයේ ලේකම් ගොම්බද්දල සමිත හිමියන්
දුරදක්නා නුවණ නොමැතිව ජනාධිපතිවරයා සම්මත කරගත් 19 ව්‍යවස්ථා, සංශෝධනය හරහා අද හොඳටම අසරණ වෙලා. අගමැතිවරයා ඉවත් කරගන්න බැරිව නීතියේ පිහිට පතනවා. පාර්ලිමේන්තුව තුළ අද වන විට දැවැන්ත බල අරගලයක් නිර්මාණය වෙලා. මේ හරහා ඉදිරි දින කිහිපය තුළ අසාමාන්‍ය ලෙස මුදල් සංසරණයක් සිදුවෙයි. එට්කා ගිවිසුම, නව ව්‍යවස්ථාව කඩිමුඩියේ සම්මත කරගන්න මේ ආණ්ඩුව උත්සාහ දරමින් සිටිනවා. ඒ සඳහා මේ මුදල් සංසරණය සිදුවෙයි. ජාත්‍යන්තරය දැඩි බලපෑම් මේ සඳහා එල්ල කරනව. මේ පිටුපස ඉන්නේ අන්තවාදී සුළු දේශපාලන පක්ෂ. ඉන්දියාව කිසිදාක නොතිබූ ලෙස ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අතගසනවා. මේක බරපතළ තත්ත්වයක්. අද රාජ්‍ය තන්ත්‍රයම අවුල් වෙලා. පරිපාලනය කඩා වැටිල.

සිදත් මෙන්ඩිස්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon