උතුරු කළුතරදී දුම්රියේ හැපුණු මෝටර් රිය කුඩුපට්ටම්වෙලා : දෙදෙනකුට තුවාලයි

  👤  4134 readers have read this article !
By mawbima 2018-02-20

පයාගල - සුජිත් මාරියෝ

පෙරේදා (18දා) රාත්‍රි 7.35ට පමණ උතුරු කළුතර දාබරේ පාර දුම්රිය හරස් පාරේ දුම්රියක හැපුණු මෝටර් රථයක් සම්පූර්ණයෙන්ම විනාශවී ගිය අතර එහි ගමන් ගත් දෙදෙනා සුළු තුවාල ලබා දිවි ගලවා ගෙන ඇත.

දුම්රිය මාර්ගය හරහා ගොඩබිම දෙසට ධාවනය කළ මෝටර් රථය කොළඹ සිට අලුත්ගම දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
මෙම අනතුරින් මෝටර් රථයේ පිටුපස කොටස පමණක් දුම්රියේ ගැටීම නිසා ඉදිරි අසුන් දෙකේ ගමන් ගත් දෙදෙනා සුළු තුවාල ලැබූහ.
සුළු තුවාල ලැබූ රියැදුරු රෝහල් ගතව නැති අතර ඊට යාබද අසුනේ ගමන් ගත් කන්ත්‍රි තන්ත්‍රිහේවගේ කවිදු නිලංග පීරිස් යන අය කළුතර නාගොඩ මහ රෝහලේ අංක 03 දරන වාට්ටුවට ඇතුළත් කර තිබේ.

මේ අනතුරෙන් එම ස්ථානයේ වූ විදුලි සංඥා කුලුනටද අලාභහානි වී තිබේ.
මේ ස්ථානය ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් ගණනාවකට යන මාර්ගය වන අතර පසුගිය වසරේ මෙම ස්ථානයේදී සිදුවූ දුම්රිය මෝටර් රථ ගැටුමෙන් කළුතර වැඩ බලන මහෙස්ත්‍රාත්වරයාව සිටි ජේ‍යෂ්ඨ නීතිඥ වයි. එස්. ද සිල්වා මහතාද මිය ගියේය.

උතුරු කළුතර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලලිත වීරසිංහ, රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සංජීව විජේවීර, පොලිස් කොස්තාපල්වරුන් වන අජිත් (15281), සෙනෙවිරත්න (69088), ප්‍රියංකර (77017) යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon