මහින්දට ඕනෑ ආණ්ඩුව කන්ට්‍රෝල් කරන රිමෝට් එක අතට ගන්නයි

  👤  3261 readers have read this article !
By mawbima 2018-02-19

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය යුගයේ සිටි යකාට වඩා ඉතා භයානක යකෙක් ලෙස ඉදිරියේදී පැමිණීමට නියමිතයි. ඔහු ඉදිරියේදී කාගෙ කාගේ බිලි ගනීවිද දන්නේ නැහැ.
රනිල් - මෛත්‍රි, දෙපළගේ වගකීම වන්නේ ජනවාරි 8 ජනතාවගේ අභිලාෂයන් සහ ජනතාවගේ ජීවිත අනතුරට නොදා සිටීම යැයි වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි.

යම් හෙයකින් මහින්ද රාජපක්ෂ මහතා කූඩාරම ඇතුළට ඔළුව දා ගත හොත් කලින් සිටි යකාටත් වඩා භයානක වන බවත් එයට ඉඩ නොදීම රනිල් වික්‍රමසිංහගේ සහ මෛත්‍රිපාල සිරිසේනගේ වගකීම බවත් ඔහු සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂට අවශ්‍ය කරන්නේ ආණ්ඩුව කන්ට්‍රෝල් කරන රිමෝට් එක අතට ගැනීම බව පෙන්වා දුන් චමීර පෙරේරා අවධාරණය කළේ ඔහු එජාපය සහ ශ්‍රී ලනිප යන දෙපිල සමඟම ගනුදෙනු කරන බවයි.

වමේ කේන්ද්‍රය ඇතුළු පුරවැසි සංවිධාන එකතුව ඊයේ (18දා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී චමීර පෙරේරා මෙසේද පැවැසීය.

මහින්දට ආණ්ඩු හදන්න වුවමනා නැහැ. ඔහුට අවශ්‍ය විපක්ෂ නායකකම අරගෙන, විපක්ෂ නායකකමත්, පාර්ලිමේන්තුවත්, ආණ්ඩුවත් මේ සියල්ලම ඇතුළට රිංගන්න. වැටේ හිටවපු ඉන්නක් යොදවලා තමන්ට වුවමනා විදියට හසුරුවන්න තමයි ඔහුට ඕනි.
මහින්ද දන්නවා තමන්ට ඉදිරියේදී මුහුණ දෙන්න තියෙන අභියෝග. ඔහුට සහ ඔහුගේ පවුලට එල්ල වෙලා තියෙන දූෂණ, වංචා, පැහැරගැනීම්, පහරදීම්වලට සම්බන්ධ නඩු විභාග අකර්මණ්‍ය කරමින් දුර්වල කරමින් කටයුතු කරන්න ඔහුට ඕනි. මේවා පරාජය කරන එක යහපාලන ආණ්ඩුවේ වගකීමක්.
ජනතාව පළාත් පාලන ඡන්දයෙන් කිව්වේ නැහැ ආණ්ඩුවට ගෙදර යන්න කියලා.

අපි සූදානම් නැහැ පොහොට්ටුවත් එක්ක මාට්ටු වෙලා ගල් මාට්ටු දාන්න. මහින්ද රාජපක්ෂ ක¼දවුර පිටිපස්සේ ‍ෙදාරෙන් එනවා නම්, පුරවැසි සංවිධාන ඉස්සරහ ‍ෙදාරෙන් එළියට යනවා. මහින්ද ලැජ්ජ නැතිව පිටිපස්සේ ‍ෙදාරෙන් එනවා නම් මේ ආණ්ඩුවට අපි ඉස්සරහ ‍ෙදාරන් එළියට යනවා. ඒක තමයි අපේ දේශපාලන ස්ථාවරය. රෙද්දක් ඇඳගෙන මහින්ද රාජපක්ෂ පාර්ශ්වයත් එක්ක මූට්ටු වෙන්න බැහැ.

රනිල් තමා වටා හිටපු ඉතා සුළුතරයක් වූ රාජකීය සංගමයකට විතරයි සැලකුවේ. මලික් සමරවික්‍රම, සාගල, පාස්කරලිංගම් වගේ අයට ඔහු සැලකුවේ. මේ අය එක්ක එකතු වෙලා ගත්ත තීන්දු තීරණ ජනතාවට බරපතළ විදියට බලපෑවා. ඒවාට තමයි ජනතාව මේ ප්‍රතිචාර දැක්වූයේ.

රනිල්ට තියෙනවා ආවේණික දුර්වලකමක්. ඔහු හිතනවා ඔහු හිතන විදියට තමයි රට හැදෙන්නේ කියලා. වතුර ප්‍රශ්නේ තියෙන පළාත්වලට ගිහින් වයිෆයි දෙනවා කියලා කියනවා. ඒ මිනිස්සු වයිෆයි ගැන දන්නේ නැහැ. ඉතින් මිනිස්සු බනින්න පටන් ගන්නවා. මේ වෙලාවේ නම්‍යශීලීව කටයුතු කිරීම තමයි රනිල්ගේ වගකීම. රටේ ජනතාව කුපිත කරන ආකාරයෙන් ජනතාව හසුරුවන්න එපා කියලා තමයි අපි රනිල් වික්‍රමසිංහට කියන්නේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon