ජාතික ආණ්ඩුව දිගටම යා යුතුයි

  👤  3375 readers have read this article !
By mawbima 2018-02-19

ජාතික ආණ්ඩුව ඉදිරියටත් යා යුතුයි. ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා ඉදිරිපත් වන්නේ නම් ඒ පිළිබඳ සලකා බලා තීන්දුවක් ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් පැවැසීය.
මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන තෙක් රජයට එකතු නොවීම දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය වුවත් වත්මන් දේශපාලන තත්ත්වය ගැන සිතා තීන්දුවක් ගන්න පුළුවන්.

විපක්‍ෂනායකතුමා ප්‍රකාශ කරලා තියෙනවා ජාතික ආණ්ඩුව ඉදිරියට යෑම පිළිබඳ කිසිදු ගැටලුවක් පේන්නෙ නෑ කියලා. මොකද මෙම මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය අනුව එහෙම කියන්න පුළුවන්. ජාතික ආණ්ඩුව ඉදිරියට යා යුතුයි කියන එකයි අපේ මතය. නමුත් එහි වෙනස්කම් සිදුවිය හැකියි. එලෙස වෙනසක් ඇති වුණොත් විශේෂයෙන් විපක්‍ෂනායකතුමාගෙන් සිංහල මාධ්‍යයන් ප්‍රශ්න කරලා තියෙනවා සහාය දෙනවාද කියලා. කවුරුන් හෝ එලෙස යෝජනාවක් ඉදිරිපත් කළොත් එය සලකා බලන්න කලින් තීරණයක් ප්‍රකාශ කිරීම වැරැදියි.


අපේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන තාක්කල් අපි රජයට එකතු වෙන්නේ නැහැ කියන එක අපේ අරමුණක්. නමුත් යෝජනාවක් ආවොත් අපි සලකා බලනවා. දකුණේ වෙනසක් සිදුවුණොත් එය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සෑදීමට බලපානවා. එවැනි අවස්ථාවකදී සියල්ල ඉවරයි කියලා අපට වහලා තියන්න බැහැ. අපි ඉදිරියටත් ඒකට උත්සාහ කරනවා. 2010 - 2015 රාජපක්‍ෂ ආණ්ඩු සමයේදී අප සාකච්ඡා කළා. මෙය බාධාවක් වුවත් අපි ඒකට මුහුණ දෙනවා.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා මෙම නව මැතිවරණ ක්‍රමයේ ගැටලුවක් ඇති වී තියෙනවා. එබැවින් සභාවක බලය පිහිටුවීමට කිසියම් පක්‍ෂයකට බහුතර මන්ත්‍රිධුර හිමිවෙලා තියෙනවා නම් එම පක්‍ෂය බලය පිහිටුවීමට අනෙක් පක්‍ෂ විරුද්ධ නොවිය යුතුයි කියලා අප ස්ථාවරයේ ඉන්නවා.
අපි ඒ සම්බන්ධයෙන් කිසිදු පක්‍ෂයක් එක්කවත් සාකච්ඡා කරලා නැහැ. නමුත් එම මතය පිළිගෙන මධ්‍යස්ථ මතධාරීන් විවිධ පක්‍ෂ සමඟ සාකච්ඡා කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් යාපනයේ පක්‍ෂ දෙකක් තමනුත් එම මතයේ ඉන්නවා කියලා තියෙනවා. මෙම මැතිවරණය ජයගත් සියලු සභිකයන් කුමන හෝ පක්‍ෂයේ හිටියත් ඔවුන් එම මතයේ වැඩ කරයි කියලා අපි හිතනවා.

මුලතිව් - ශෂි කුමාර් සහ ඕමන්ත ශේෂලා අමරසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon