දණ ගැස්වූ උෟවේ විදුහල්පතිනිය මාරකයකින් බේරෙයි

  👤  3498 readers have read this article !
By mawbima 2018-02-19

බෙලිහුල්ඔය -
සමන්තා රත්නායක

උෟවේ මහ ඇමැති දණගැස්සවූ විදුහල්පතිනිය හා පිරිස ඉකුත් 15 වැනිදා සාක්ෂි දීම පිණිස පාර්ලිමේන්තුවට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී රාත්‍රි 11.30ට පමණ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ සුරතලී ඇල්ල අසල ප්‍රපාතයට යෑමෙන් අනතුරට ලක්ව තිබේ. සිද්ධියට අදාළ විදුහල්පතිනිය තම සාක්ෂි ලබාදීමෙන් අනතුරුව රාගමට ගෙන ගොස් ඇරලවීමෙන් පසු ඉතිරි හත්දෙනකු වෑන්රථයේ පැමිණ ඇත. ආපසු එමින් සිටියදී මරන්ගහවෙල හල්පේ ප්‍රධාන මාර්ගයෙන් ඉවතට ගොස් සුරතලී ඇල්ල පාමුල අඩි 30ක පමණ ප්‍රපාතයට ගොස් නැවතී ඇත. සමනලවැව පොලිසිය එහි යන විටත් අනතුරට ලක්වූ සිවුදෙනකු හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කර ඇත. පිරිස අතර කාන්තාවන් දෙදෙනකු සිට ඇති අතර එක් අයෙක් ගුරුවරියකි. 16 වැනිදා පස්වරු 2ට පමණ ප්‍රපාතයට ගිය වෑන් රථය ඉහළට ගැනීමට පැය 7කට ආසන්න කාලයක් ගතව ඇත. පිරිස කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත. එතරම් ප්‍රපාතයකට ගොස් ජීවිත 7කට හානියක් සිදු නොවී තිබීම දෛවෝපගත සිද්ධික් බව ප්‍රදේශවාසීහු පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon