සුහද සංචාරයකට ඉරාන යුද නැව් තුනක් කොළඹ වරායට

  👤  3237 readers have read this article !
By mawbima 2018-02-19

ගාල්ල - එච්. පරණවිතාන

ඉරාන නාවික හමුදාවට අයත් 'බයන්ඩර්', 'නග්ඩි' සහ 'ටොන්බ්' යන යුද නෞකා ත්‍රිත්වය ඉකුත් 16දා පුහුණු සහ සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගන්නා ලදී. නෞකාවන් වරයාට පැමිණීමෙන් අනතුරුව ඒවායේ අණදෙන නිලධාරීන් වන කමාන්ඩර් බෙනාම් හොසෙයින්පෝ, කමාන්ඩර් මෙහ්දි අහමද්පෝ සමානි, කමාන්ඩර් මොහොමඩ් බාගර් රහ්නමා යන නිලධාරීන් බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය. එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

නෞකාවන් දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධාන කරනු ලබන විවිධ සංස්කෘතික සන්දර්ශන, සුහද ක්‍රීඩා තරග ඇතුළු වැඩසටහන් රාශියක් සඳහා නැව් මුළු සහභාගි වූහ. සිවු දින නිල සංචාරය නිමා කරමින් එම නෞකා අද (19දා) දින දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon