භූමිතෙල් කලවම් කරන ඉන්ධනහල් රජයට ගන්නවා

  👤  3275 readers have read this article !
By mawbima 2018-02-19

චාමර අමරසූරිය

පෙට්රල්, ඩීසල් ඇතුළු අනෙකුත් ඉන්ධනවලින් වැඩි ලාබ ඉපැයීමේ අරමුණෙන් භූමිතෙල් කලවම් කරන ඉන්ධනහල් රජයට පවරා ගැනීමට ඉදිරියේදී පියවර ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා "මව්බිම"ට පැවැසීය.
මීට අදාළ කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවැනි ජාවාරම් සිදුකරන ඉන්ධනහල් වැටලීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වැටලීම් ඒකකය විශේෂ වැටලීම් දියත් කර ඇති බවද අර්ජුන රණතුංග මහතා කීය.
භූමිතෙල් කලවම් කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් හසුවන ඉන්ධනහල්වල බලපත්‍රය අත්හිටුවා එය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පවරා ගන්නා බවත් පසුව එය නැවත වෙනත් පාර්ශ්වයක් වෙත ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon