මත්ද්‍රව්‍ය රැගෙන හැටන් මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාවට ආ 27ක් දැලේ

  👤  3222 readers have read this article !
By mawbima 2018-02-19

නෝර්වුඩ් - රිද්මි මිලින්දිකා

සති අන්ත නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් විසිහත්දෙනකු (27) ඉකුත් (17දා) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසයි.

හැටන් පොලිස් කොට්ඨාසයේ සුනඛ අංශයේ කෝරා සුනඛයාගේද සහයෝගය ඇතිව හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදී (17දා) පස්වරුවේ සිදුකළ පරීක්ෂාවකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් ළඟ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 8ක්, කේරළ ගංජා මිලිග්‍රෑම් පනස් නවදහස් හත්සිය පනහක් (59,750) ක් සහ නීති විරෝධි දුම්වැටි (27) ක් අත්අඩංගුවට ගත් බව එම වැටලීම කළ නිලධාරීහු කීහ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ, කුරුණෑගල, කළුතර, පානදුර, දෙහිවල සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචි අවුරදු විස්සත් තිහත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බව හැටන් පොලිසිය වැඩිදුරටත් කීය.
සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් පිරිස ඊයේ (18දා) හැටන් මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය කියයි.
මෙම වැටලීම හැටන් පොලිස් කොට්ඨාස අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ හැටන් මූලස්ථාන පොලිස් පරීක්ෂක එම්.එල්. එන්. ජෙමිල් මහතාගේ මෙහෙයවීම යටතේ හැටන් කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ප්‍රසාද් බණ්ඩාර, පො.කො. රණසිංහ (68773), පො.කො. ඉරන්ද (89245), පො.කො. රත්නායක (77334), පො.කො. සමන් (31127) පොලිස් සුනඛ අංශයේ පො.කො. නිමල් (43270) යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon