විජය කුමාරතුංග සමාධියට පුෂ්පෝපහාර පිදෙයි

  👤  3331 readers have read this article !
By mawbima 2018-02-19

සීදුවේ - නිශ්ශංක

මානව හිතවාදී ප්‍රවීණ කලාකරුවකු වූ විජය කුමාරතුංග කලාකරුවා 1988 පෙබරවාරි 16 වැනිදා කුරිරු ඝාතකයකුගේ වෙඩි උණ්ඩයකට බිලි වී කොළඹදී දැයෙන් සමුගෙන ගියේය. එසේ සමුගෙන ගොස් වසර තිහක් සපිරෙන 16 වැනිදා සීදුව ග්‍රාමයේ දහ අටේ කණුව අසල විජය කුමාරතුංග සමාධියට පුෂ්පෝපහාරයක් පැවැත්විණි. විජය කුමාරතුංගයන්ගේ බිරිය වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමඟ ඥාති හිතමිත්‍රාදීන් පිරිසක් පෙරවරු 10.00ට විජය කුමාරතුංග සමාධිය අබියසට පැමිණ මෙම පුෂ්පෝපහාරයට එක් විය.

මේ අවස්ථාවට පැමිණි ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, බස්නාහිර පළාත් සභා අමාත්‍ය ලලිත් වනිගරත්න, රූපා කුමාරතුංග මහත්මිය, මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ බිරිය සහ ඥාති හිතමිත්‍රාදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මේ අවස්ථාවේ ආගමික වතාවත් කටුනායක බෝධිරතනාරාම විහාරාධිපති, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ බෞද්ධ සංගමයේ සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පැවිදි අනුශාසක නවසීලන්තයේ ඕප්ලන් ජාත්‍යන්තර විහාරාධිපති අමන්‍ෙදාළුවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ සහ ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ දක්ෂිණ ලංකා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සභික මිනුවන්ගොඩ පොල්වත්ත මෙතෝදිස්ත සභාවේ මීසම් පාලක නදීර ප්‍රනාන්දු පියතුමා විසින් පැවැත්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon