ජනමතයට ගරු කරමින් රජය ඉවත් වී වහා මහ මැතිවරණයක් පවත්වනු

  👤  3368 readers have read this article !
By mawbima 2018-02-19

හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ප්‍රකාශ වූ බහුතර ජනතාවගේ මහජන මතයට ගරු කරමින් රජය වහාම ඉවත් වී මහ මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් ඊයේ (18දා) ආගරපතන නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විණි.
ආගරපතන නගරය මැද්දේ අට්ටාලයක් සකසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශාල ප්‍රමාණයේ බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ උඩරට වතුකරයේ වතුසේවක වෘත්තීය සංගමය මෙය සංවිධානය කොට තිබිණි.
ජනමතයට හිස නමා වහාම රජය ඉල්ලා අස්වී මහ මැතිවරණයක් පවත්වන ලෙසත් එසේ නොමැති නම් නව රජයක් පිහිටුවීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසත් මෙම විරෝධතාවට එක්ව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වතු සේවක සංගමයේ සම්බන්ධීකරණ නිලධාරි පොන් ජෙයරාජා මහතා පැවැසීය.
ආගරපතන නගරයෙන් ආරම්භ කළ මෙම විරෝධතාව නව රජයක් ආරම්භ කරන තුරු දිගින් දිගටම සිදුකරගෙන යෑමට තීරණය කොට ඇති බවත් ඉදිරියේදී වතුකරය පුරා මෙවැනි උද්ඝෝෂණ සිදුකරන බවත් ඔහු කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon