ජනතා කැමැත්ත අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ක්‍රියාකරන්නේ නම්, පක්ෂ භේදයෙන් තොරව රනිල් අගමැති ධුරයෙන් නෙරපිය යුතුයි

  👤  3295 readers have read this article !
By mawbima 2018-02-19

සිදත් මෙන්ඩිස්

මහජනතාවගේ කැමැත්ත ගැන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ක්‍රියාකරන්නේ් නම් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපීමට පක්ෂ භේදයෙන් තොරව එක්විය යුතු බවත් එසේ නොකරන්නේ නම් මන්ත්‍රිවරුන්ට නිසි පීඩනයක් හා පාඩමක් ජනතාව උගන්වනු ඇති බවත් ජාතික කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා 'මව්බිම'ට පැවැසීය.

රටත්, ජනතාවත් ජීවත්වීමට ඇති අවශ්‍යතාව මෙන්ම රටේ පැරැණිතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට පවා සිදුව ඇති ව්‍යසනය නතර කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව හෙතෙම සඳහන් කළේය.

මහජනතාව ලබාදුන් ජනවරමට පයින් ගසා බටහිර පිළිවෙත්වලට පූර්ණ සහාය ලබාදීමට අග්‍රාමාත්‍යවරයාට කිසිදු අයිතියක් නොමැති බවද අතාවුල්ලා මහතා සිහිපත් කරයි.
මැතිවරණ කල් දැමීමට දිගින් දිගටම කටයුතු කළ වික්‍රමසිංහ මහතා මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට තවදුරටත් පයින් ගැසීමට බලලෝභී ලෙස හැසිරෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon