බිරියයි දරුවො දෙදෙනයි - අතහැර ගිහින් තනි කර සැත්තෑ හැවිරිදි පියා වැලපෙයි - හුදෙකලාවේ පාළු ගෙදරක

  👤  3515 readers have read this article !
By mawbima 2018-02-19

දරුවන් දෙදෙනකු හා බිරිය විසින් පාළු නිවෙසක තනි කර දමා ගොස් ඇති දෙදරු පියකු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන තමන් මියයෑමට පෙර දරුවන් හෝ බිරිය ගෙන්වා දෙන්නැයි ඉල්ලා සිටී. මෙම ඉල්ලීම කරන්නේ මනම්පිටියේ මෙත්සිරිගම අංක 234 නිවසේ තනිවී සිටින ඩී.එම්.කේ. සෙනෙවිරත්න (70) යන දෙදරු පියාය.
ඔහු හඬා වැලපෙමින් මෙසේද කීය. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. එයාලා මගේ කුඹුරු විකුණලා යන්න ගියා. බිරියත් මාව දාලා ගියා. ගිහිල්ලා දැන් මාස තුනකටත් වැඩියි. මට කන්න බොන්න විදිහක් නැහැ. සනීප නැහැ. උණ හිසරදෙත් තියෙනවා. ඉතිං මම මේ පාළු ගෙයි ඉන්නෙ කොහොමද මහත්තයෝ. මට ඉඩම් ඕන නැහැ. මම ජීවත්වෙලා මේ ඉන්න ටික කාලයට මගේ දරුවොයි, බිරියයි මට උදවු උපකාර කරනවා නම් අනේ කොයිතරම් දෙයක්ද? මට මේ පාළු ගෙදර ඉන්න බැහැ.

සමහර දේවල් මට මතක නැහැ. නිතරම වගේ ඉන්නේ බඩගින්නේ. නංගිලා දෙන්නෙක් ඉන්නවා එයාලා තමා මට කන්න දෙන්නේ. අහල පහළ අයත් ඇවිත් මොනවා හරි දීලා යනවා. ඒත් මට මගේ දරුවොත් නැහැ. බිරියත් නැහැ. එයාලා මාව දාලා ගිහින් අනේ මට බිරිය හෝ දරුවන් දෙන්නා ගෙන්නලා දෙන්න පින්සිද්ධ වෙනවා"
මීට පෙර සිවිල් ආරක්ෂක සේවයේ නිරතව සිටි සෙනෙවිරත්න දෙදරු පියා මේ වනවිට කිසිම ආරක්ෂාවක් නොමැතිව සිටී. රාත්‍රි කාලයට වන අලින්ද එම පාළු නිවෙස අවට සැරිසරන බවත් සිහි මඳ ගතියෙන් සිටින මෙම පුද්ගලයා රාත්‍රි කාලයට නිවෙසින් පිටතට ඇවිත් දරුවන් හා බිරිය සොයා කෑගසමින් ඇවිදීම නිසා ඔහුගේ ජීවිතයට අනාරක්ෂිත තත්ත්වයක් ඇති අතරේ ප්‍රදේශවාසීන්ටද එය දැඩි හිරිහැරයක් වී ඇතැයි මනම්පිටියේ මෙත්සිරිගම ජනතාව පවසති.

අරලගන්විල - ජේ.ඒ. ජයකොඩි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon