කාර් එක ඔයට පෙරැළී තරුණ යුවළ මරු දකිති

  👤  3462 readers have read this article !
By mawbima 2018-02-19

මෝටර් රථයක් තලවාකැලේදී ආග්‍ර ඔයට පෙරළීමෙන් මියගිය තරුණ යුවළකගේ මළ සිරුරු සොයා ගත් බව ලිඳුල පොලිසිය පවසයි.

තලවාකැලේ - බෙයාවිල් ප්‍රදේශයේදී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක් පමණ පහතින් පිහිටි ඉහළ කොත්මලේ ජලාශයේ අතු ශාඛාවක් වන ආග්‍ර ඔයට පෙරළීම නිසා මෝටර් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති බවත් මහත් පරිශ්‍රමයකින් එම මළ සිරුරු ගොඩගැනීමට හැකි වූ බවත් පොලිසිය පවසයි.
නුවරඑළිය සිට හැටන් හරහා ගම්පහ දක්වා ගමන් කරමින් සිටියදී අනතුරට පත්ව තිබේ. ඊයේ ප.ව. 3.00ට පමණ සිදුවී ඇති මෙම අනතුරෙන් මියගිය කාන්තාව අංක 568 නැඳුන්ගමුව - ගම්පහ ප්‍රදේශයේ පදිංචිකාරියක වූ හලාවතගේ පියුමිශාන් ප්‍රසාදි පෙරේරා (24) නමැති තරුණියක් බව හඳුනාගෙන තිබේ. පිරිමි පුද්ගලයාගේ අනන්‍යතාව තහවුරු කර ගෙන නොමැත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon