නායකත්ව පුහුණුවේදී විදුහල්පතිනිය මරුට

  👤  3544 readers have read this article !
By mawbima 2018-02-19

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි, සූරියවැව - ප්‍රසාද් සමරසිංහ

හම්බන්තොට සුචි ජාතික පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කළ රෝහිණී කුමාරි අතපත්තු මහත්මිය පසුගිය 17 වැනිදා කුරුණෑගල - වාරියපොළ වයඹ පුහුණු මධ්‍යස්ථානයේදී හදිසි අනතුරකින් මියගොස් තිබේ.

විදුහල්පතිවරුන් සඳහා පැවැත්වූ නායකත්ව පුහුණු වැඩසටහනකදී කඹයක ආධාරයෙන් ඉහළට ගමන් කිරීමේ පුහුණු අංගයේදී කඹය අතහැරී යෑම හේතුවෙන් බිමට වැටීම නිසා බරපතළ තත්ත්වයේ පසු වූ විදුහල්පතිනිය කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර එසේ රැගෙන එන අවස්ථාවේදී මිය ගොස් තිබේ.

අම්බලන්තොට - සියඹලාගස්විල ප්‍රදේශයේ පදිංචිව සිටි රෝහිණී මහත්මිය මිය යන විට 53 හැවිරිදි වියේ පසු වූ අතර දූවරුන් සිවු දෙනකුගේ මවකි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon