බහුතරය පෙන්නන්න රනිල් මන්ත්‍රි සහාය පතයි

  👤  3446 readers have read this article !
By mawbima 2018-02-19

එක්සත් ජාතික පක්‍ෂ රජයක් 2020 දක්වා අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සියලුම එ.ජා.ප. මන්ත්‍රිවරුන්ගේ සහාය තහවුරු කර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.ප. මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතාට උපදෙස් දී තිබේ.

කබීර් හෂීම් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18දා) දහවල් එ.ජා.ප. මන්ත්‍රිවරුන්ගේ හමුවක් සිරිකොත එ.ජා.ප. මූලස්ථානයේදී පැවති අතර, එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ සියලු පක්‍ෂවල සහාය ඇතිව එ.ජා.ප. ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට එහිදී තීරණය කර තිබේ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගන්නා ආකාරයද දීර්ඝ වශයෙන් සාකච්ඡාවී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon