ජනවාරි 8 ජනබලයේ වෙනසක් නෑ

  👤  3457 readers have read this article !
By mawbima 2018-02-19

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනතාව විසින් ලබාදී ඇති ජන බලයට මෙතෙක් කිසිදු හානියක් සිදුනොවී ඇති බවත් ඒ හේතුවෙන් ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යා යුතු බවත් විපක්ෂනායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා පවසයි.
මේ බව තමා පසුගිය 16 වැනිදා ජනාධිපතිවරයා හමුවී පැවැසූ බව සම්පන්දන් මහතා "මව්බිම"ට සඳහන් කළේය.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව යම් පසුබෑමකට ලක්ව තිබුණත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට 2015 ජනවාරි මස 08 වැනිදා ලැබුණු ජන බලයේ වෙනසක් සිදුවී නොමැති බව වටහාගත යුතුව ඇති අතර එදින ජනවරමට ගරු කරමින් ජනාධිපතිවරයා ඉදිරියට ජනතා අපේක්ෂා ඉටුකිරීමට කටයුතු කළ යුතු බවද ඒ මහතා පැවැසීය.

මේ බව සම්පන්දන් මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීද පවසා තිබේ.
ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් සහයෝගීව කටයුතු කරමින් ජනතා අපේක්ෂාවෙන් ඉටුකළ යුතුව ඇති බවට සම්පන්දන් මහතා දෙපාර්ශ්වයටම අවධාරණය කොට ඇති අතර ජනතා කාර්යයන් රැසක් ඉටු කිරීමට තිබියදී වත්මන් ආණ්ඩුව මේ අවස්ථාවේ වෙනස් නොවිය යුතු බවද මෙම හමුවලදී පවසා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon