රනිල්ගේ පාර්ලිමේන්තු දිවියට 40යි: විවෘත ආර්ථිකයටත් 40යි

  👤  3719 readers have read this article !
By mawbima 2017-07-16

උපතිස්ස පෙරේරා

ලෝකයට වසං වී තිබූ ශ්‍රී ලංකාවේ සංවෘත ආර්ථිකය විවෘත ආර්ථිකයක් බවට පත් කළ...මේ මස 27 වැනි දින මහරගම ජාතික තරුණ සේවා සභාවේදී ආරම්භ කෙරෙන ප්‍රදර්ශනයට තේමාකර ගෙන ඇත්තේ 77ට පසු එජාප රජයක් යටතේ මේ රටේ ආර්ථික, සමාජ, නිවාස, අධ්‍යාපන, කෘෂිකාර්මික පුනරුදයයි. සජිත් ප්‍රේමදාස, අකිල විරාජ් කාරියසම් සහ රවි කරුණානායක යන අමාත්‍යවරුන් විසින් සංවිධානය කරන මේ ප්‍රදර්ශනය මඟින් ඉහත ක්‍ෂේත්‍රයන්හි 77ට පෙර තත්ත්වය හා 77ට පසු ලද ප්‍රගතිය නිරූපණය කරයි.

77දී පාර්ලිමේන්තුවට පිවිස මේ රටේ තරුණ තරුණියන්ගේ සැඟවුණු හැකියාව හා දක්ෂතා ඉස්මතු කරගෙන සමාජයට දායාද කළ තරුණ සේවා සභාව නිර්මාණය කරමින් අපේ තරුණ පරපුරට විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් උපහාර පිණිස සංවිධානය කරන සැණකෙළිය අගෝස්තු මස 5 වැනි දින සවස ගාලු මුව‍ෙදාර පිටියේදී පැවැත්වෙයි. මීට අමතරව 77 විජයග්‍රහණයේ 40 වැනි සමරුව නිමිත්තෙන් ආගමික වතාවත් මහනුවර ශ්‍රී දළදා මාලිගය, අනුරාධපුර ශ්‍රී මහා බෝධිය, කතරගම කිරිවෙහෙර ඇතුළු ආගමික ස්ථාන ගණනාවකදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්