දෙසැම්බර් තෙක් කලබල වියයුතු නෑ

  👤  3400 readers have read this article !
By mawbima 2017-07-16

ලක්ෂ්මී ජයකොඩි

තපක්ෂයක් ලෙස ගත් තීන්දුවක් වෙනුවට එක් අයකු හෝ කිහිපදෙනකු විසින් ඊට වෙනස් තීන්දුවක් ගනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා ඉරිදා "මව්බිම"ට පැවසීය.

ආණ්ඩුව නියෝජනය කරනු ලබන ශ්‍රී ලනිප මැති ඇමැතිවරු පිරිසක් ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත්වීමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් "මව්බිම" කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය හා එක්ව සම්මුතිවාදී ආණ්ඩුව සෑදීමට ගත් තීරණය තනි තීරණයක් නොවන බව පැවැසූ අමාත්‍යවරයා එම තීරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වී ගත් තීන්දුවක් බවද පෙන්වා දුන්නේය.

සම්මුතිවාදී ආණ්ඩුව සඳහා ඇති කරගත් ගිවිසුම රහස් එකක් නොවන බවද සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම මේ වසරේ දෙසැම්බර් අවසානය තෙක් බලාත්මක බැවින් දැන්ම කලබල විය යුතු නැති බවද ඒ මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා නොලැබෙන බවට තමා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ මහතාට නිල වශයෙන් ඉදිරිපත් විය නොහැකි නිසා බවත්, කෙසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ඉල්ලා සිටින අනෙක් සියලු දෙනාට නාමයෝජනා ලබාදෙන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්