ලේ වැගිරෙන ගම්පහ පස් මාෆියාවේ දේශපාලන තුරුම්පු

  👤  3117 readers have read this article !
By mawbima 2018-02-18

නොමිනිස්කම සමස්ත කතා පුවත පුරාම දම්වැලක් සේ සවි ශක්තිමත් ලෙස ගලා යන්නේ එය දුෂ්ටකමින්ද වංචනිකත්වයෙන්ද ඉන් මත්තට කප්පම්කරුවන්ගෙන් හා මිනීමරුවන්ගෙන්ද සැදුම් ලත් නිසාය. නොහික්මුණු ආවේගයන්වල උපරිම ආස්වාදය මේ වන විටත් ගම්පහ මුල්කරගනිමින් පාතාලය සවිශක්තිමත් ලෙස පෝෂණය කරන්නන් කෙරෙහි සවිබල ලබාදී තිබේ. හිටපු ප්‍රබල ඇමැතිවරයකු වූ ලක්ෂ්මන් කදීර්ගාමර් මහතා භාවිත කරන ලද වෙඩි නොවදින 300 කාණ්ඩයට අයත් බෙන්ස් රථය මිලදී ගැනීමට ගම්පහ පාතාලයේ ප්‍රබලයෙක් උත්සාහ දරන්නේ පෙර සඳහන් කළ කරුණු කාරණා මුල් කරගෙනය. එම පාතාල ප්‍රබලයාට තමන් නියෝජනය කරන පාතාලයේම අනිකුත් කල්ලි කණ්ඩායම් විසින් එල්ල කරනු ලබන තර්ජන හමුවේ දිවි රැක ගැනීම සඳහා ඇති හොඳම විකල්පය වන්නේ වෙඩි නොවදින බෙන්ස් රථයක් පාවිච්චි කිරීම යැයි පෙන්වා දී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලන නායිකාවක යැයි කියනු ලැබේ. එම දේශපාලන නායිකාව විසින් තමන්ගේ ගිලිහී යමින් පැවැති දේශපාලන බලය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පාතාල ප්‍රබලයාව තමන් ළඟට කැඳවාගෙන ආ ප්‍රාදේශීය දේශපාලනඥයාට ගම්පහ දිස්ත්‍රික්කයේ කසළ බැහැර කිරීමේ ඒකාධිකාරය ලබාදීමටද ක්‍රියා කර තිබේ. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් අත්තනගල්ල පෙතියාකන්දට බස්නාහිර පළාතේ කැළි කසළ බැහැර කිරීම සඳහා අවශ්‍ය පරිසර වාර්තා සියල්ලම මෙම නායිකාවගේ ඉල්ලීම අනුව අදාළ සංවිධාන විසින් ලබාදී ඇති අතර එයට කෘතගුණ සැලකීම වශයෙන් මෙම පාතාල ප්‍රබලයා දිගින් වත්නේ ආරච්චිවත්තේ දිමුතුය. දිමුතු විසින් ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව ප්‍රසාද් නිරෝෂන් බාලසූරිය නිවෙසින් පිටතට පැමිණ ඇති බවත් ඉන්පසු නෙවිල්

මාමාගේ පුත් පද්මසිරි විසින් ලබාදුන් වෙඩික්කරුවන් විසින් ප්‍රසාද් නිරෝෂන් ඝාතනය කර ඇති බවත් පැවැසේ. ඝාතනයට ලක්වූ ප්‍රසාද් නිරෝෂන් බාලසූරියගේ පියා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ජනතා නියෝජිතයකු වන බැවින් මෙම ඝාතන සිද්ධිය යටගැසීම සඳහා උත්සාහ කරන පුද්ගලයන් පසුපස නීතිය හඹා යෑමේ අවස්ථාවක් මේ වන විට උදාවී තිබේ. එය එසේ නොවුණා නම් ප්‍රසාද් නිරෝෂන් බාලසූරියගේ ඝාතනයද පස් පාතාලය සමඟ අෑඳුණු තවත් හුදෙකලා ඝාතනයක් වන්නට තිබූ ඉඩකඩ බොහෝය. පාතාල ප්‍රබලයන් අතර යහපත් ඇයි හොඳයියක් ඇති කරගැනීම සඳහා ක්‍රියා කළ නෙවිල් මාමා 20 වසරක සිර දඬුවමක් නියම වී සිටියත් එම සිර දඬුවම වසර 12ක් ගෙවා සිර ගෙයින් නිදහස්ව පැමිණීම පිටුපස සිටින්නේද ගම්පහ දිස්ත්‍රික් ප්‍රබල පාතාල නායකයා යැයි පැවැසේ. උඩුගම්පළ, කෙහෙල්බද්දර, ආරච්චිවත්ත මුල් කරගනිමින් සිදුවන ඝාතන රැල්ල සඳහා සෘජු දායකත්වය ලබාදුන් පාතාල ප්‍රබලයාට කිසිදු චෝදනාවක් සෘජුව එල්ල නොවන්නේ ඔහු පවතින දේශපාලන බල රටාවට හැකි ඉක්මනින් අනුගත වීමට දක්වන හැකියාව නිසා යැයි පැවැසේ. දුරකතනය මඟින් මරණ තර්ජන එල්ල කිරීම, කප්පම් ලබා ගැනීම වැනි සිදුවීම් බහුලව පැවැතියත් ඔහුට විරුද්ධව එල්ල කර ඇත්තේ ලිඛිත පැමිණිලි 3ක් යැයි පැවැසේ. පොලිස් අපරාධ කොට්ඨාසයේ තොරතුරු පොත් යොමු අංක 9 යටතේ 37611 දරන පැමිණිල්ලෙන් කියැවෙන්නේ දුරකතනය මඟින් මරණ තර්ජන එල්ල කර කප්පම් ඉල්ලා සිටීම පිළිබඳ සිදුවීමකි. ඊට අමතරව නිට්ටඹුව පොලිස් ස්ථානයට ඛ්ඕධ් 172 / 321/ 1725

යටතේ පැමිණිලි 3ක් ගොනුකර ඇත්තේ දුරකතනය මඟින් මරණ තර්ජන එල්ල කර කප්පම් ලබාගැනීමට ගත් උත්සාහයක් පිළිබඳවය. කුමන පැමිණිලි එල්ල වුවත් පසුගිය සතිය තුළදී මෙම දේශපාලන පාතාල ප්‍රබලයාට ලංකාව හැරදමා යන්නට සිදුව ඇත්තේ රට තුළ ඇතිවූ දේශපාලන වෙනස නිසා යැයි පැවැසෙන අතර ඔහු රට හැර යෑම මඟින් ගම්පහ මුල්කරගත් දේශපාලන පාතාලයද යම් පමණකට කැලඹී ඇත. මෙම පාතාල ප්‍රබලයා රට හැර යෑමත් සමඟම ගනේමුල්ල සංජීව නියෝජනය කරන කණ්ඩායම කරළියට පැමිණ ඇති අතර ප්‍රසාද් නිරෝෂන් බාලසූරියගේ මරණය සම්බන්ධයෙන් ගනේමුල්ල සංජීව ඉදිරියේදී කෙලෙස ක්‍රියාත්මක වේවිද යන්න පිළිබඳ මේ වන විට ගම්පහ පාතාල කල්ලි කණ්ඩායම් අතර ඇත්තේ දැඩි කුකුසකි. මේ වන විට පස් කපා ඉවත් කිරීම, පස් ප්‍රවාහනය වැනි කාරණා සම්බන්ධයෙන් ඇල්මැරුණු තත්ත්වයක් පවතින නමුත් මිනුවන්ගොඩ සෙන්ට් පීටර්ස් කන්ද කපා ඉවත් කිරීම සඳහා රාගම අමිල නමැත්තෙක් අවසර ලබාගෙන ඇති අතර දේවා සහ පද්මසිරිගේ කණ්ඩායම ප්‍රසාද් නිරෝෂන් ඝාතනය කිරීම සඳහා උත්සාහ දරා ඇත්තේ මෙම සෙන්ට් පීටර්ස් කන්දේ අක්කර 5ක කොටසක පස් ඉවත් කිරීමේ අයිතිය මියගිය ප්‍රසාද් නිරෝෂන් ලබා ගැනීමට උත්සාහ කළ නිසා යැයි පැවැසේ. සෙන්ට් පීටර්ස් කන්ද මුල් කරගෙන ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වය පිළිබඳ නම් සඳහන් කිරීමට නොහැකි පාතාල කණ්ඩායම් නායකයෙක් යැයි සැලකෙන පුද්ගලයකුගෙන් අප කළ විමසීමකදී ඔහු පවසා සිටියේ මෙවැන්නකි.

"ඔය කියන පාතාල ප්‍රබලයාට ගනේමුල්ල සංජීවගේ පාර්ශ්වයෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල වුණාට පස්සේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලනඥයන් කීපදෙනෙක් ඔහුගේ සුවදුක් විමසන්න පැමිණියා. එතැනින්ම තේරුම් ගන්න පුළුවන් මේ මනුස්සයාට කොච්චර හයියක් තියෙනවද කියලා. ගම්පහ දිස්ත්‍රික්කයේ දැන් කපන්න තරම් පස් කඳු නැහැ. තියෙන පස් කඳු ඔක්කොම එක එක ක්‍රමවලට අවසර අරගෙන ඉවත් කරලා ඉවරයි. අවසාන කන්ද තමයි මේ සෙන්ට් පීටර්ස් කන්ද. මේ කන්ද මුල් කරගෙන තමයි ඉදිරියේදී මේ පාතාල කණ්ඩායම් ගැටුමකට යන්න හදන්නේ. මේ කන්දෙන් අක්කර 5ක කොටසක පස් ඉවත් කරන්න මියගිය ප්‍රසාද් එහෙම නැත්නම් චමී උත්සාහ ගත්තා. ගම්පහ දිස්ත්‍රික්කයේ ඔය කියන පාතාල ප්‍රබලයා සෘජුවම කිසිම නීති විරෝධී කාර්යයකට දායකත්වය සපයන්නේ නැහැ. ඔහු වක්‍රව තමයි හැමදේම පාලනය කරන්නේ. උදාහරණයක් තමයි යම් කණ්ඩායමක් යම් ස්ථානයක පස් කපා ඉවත් කිරීමේ අයිතිය ලබා ගත්තාට පසු ඔවුන්ගෙන් කප්පම් ලබා ගැනීම වැනි කාර්යයන් වෙනත් කණ්ඩායමක් ලවා සිදු කිරීමයි මොහුගේ ක්‍රියා පිළිවෙත. ඒ නිසා ඔහුට විරුද්ධව කිසිදු පැමිණිල්ලක් කිසිදු පොලිස් ස්ථානයකට ලැබෙන්නේ නැහැ. මේක තමයි අද තත්ත්වය. හැබැයි මේ දේශපාලන වෙනසත් එක්ක මේ පාතාල කල්ලි කණ්ඩායම්වල හැසිරීම ගොඩක් දුරට වෙනස් වෙන්න පුළුවන්. ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලන නායිකාවක් මේ ප්‍රබල පාතාල නායකයා ආරක්ෂා කරන ප්‍රතිපත්තියක තමයි පහුගිය කාලයේ හිටියේ. ඒ නිසා තමයි ගම්පහ දිස්ත්‍රික්කය තුළ පස් කපා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඝාතන 37ක් පමණ එක දිගට සිදුවුණේ. මේ පස් කපා ඉවත් කරන ව්‍යාපාරයේ අපිත් දීර්ඝ කාලයක නිරත වුණා. හැබැයි මිනී මරන්න, කප්පම් ගන්න අපි කවදාකවත් ක්‍රියා කළේ නැහැ. තමුන්ගේ දුවා දරුවෝ වයසේ ඉන්න තරුණ කොල්ලන්ව මරා දාලා ලබන සතුට ගැන මට නම් තියෙන්නේ ඇත්තටම වේදනාවක්.

කතාව - තිනෙත් ආරියරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon