ඩෙංගු මදුරුවා පලවා හරින විශේෂ මුද්‍රණය

  👤  3485 readers have read this article !
By mawbima 2017-07-16

දයාබර "මව්බිම" පාඨකයන් අතට අද පත්වන "මව්බිම" පුවත්පතේ ප්‍රධාන කොටස ඩෙංගු මදුරුවන් පලවාහරින සිට්‍රොනෙල්ලා (ඛ්ඪබපධදඥතතච) ස්වාභාවික මදුරු විකර්ෂක මුසුකළ මුද්‍රණ තීන්තවලින් මුද්‍රණය වූවකි.

ජනතාව පීඩාවට පත් කරන ඩෙංගු රෝගය මර්දන සඳහා අද "මව්බිම" පුවත්පතේ ප්‍රධාන කොටසේ සෑම අකුරක්ම කැපවී ඇත. "මව්බිම" ජාතික පුවත්පතක් ලෙස මේ කැපකිරීම සිදුකරන්නේ දෙවැනි වතාවටය.

අද මෙන්ම ඩෙංගු උවදුර උත්සන්න වූ සමයක 2014 අප්‍රේල් 7දා මෙලෙසම ජාතික පුවත්පතක යුතුකම ඉටුකරමින් "මව්බිම" ලොව මදුරුවන් පලවාහරින ප්‍රථම පුවත්පත මුද්‍රණය කොට බෙදාහරිමින් ලෝකයේම ප්‍රශංසාවට බඳුන් විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්