අගමැතිකමේ තවදුරටත් ඉන්නවා

  👤  3100 readers have read this article !
By mawbima 2018-02-18

ව්‍යවස්ථානුකූලව තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරගෙන යන බව රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල අනුව ආණ්ඩුවත්, එජාපයත් පසුබෑමක් සිදුව තිබෙන බව පිළිගත් අග්‍රාමාත්‍යවරයා මේ තත්ත්වය හමුවේ පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රතිසංස්කරණ කටයුතු කරගෙන යන අතර, නායකත්වය අලුත් පරපුරකට භාරදෙන්න දැන් වෙලාව හරි බවත් කීය.
අරලියගහ මන්දිරයේ පෙරේදා සවස මාධ්‍ය ප්‍රධානීන් හමුවේ පැවැති විශේෂ හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ සඳහන කළේය.

ජනාධිපතිවරයා පෙරේදා සවස හමුවූ බව වික්‍රමසිංහ මහතා සඳහන් කරද්දී මාධ්‍යයෙන් ප්‍රශ්න කළේ අගමැති ධුරයෙන් ඉවත් වන ලෙසට දැනුම්දීමක් කළාද යන්නයි.
එයට ඔව් හෝ නෑ වශයෙන් පිළිතුරක් නොදුන් අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මුණගැසුණු අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයත් එදා මුණගැසුණු බව තමාට කී බවද පැවැසුවේය.
පාලන කාලය තුළදී බලාපොරොත්තු වූ ලෙස රටේ ආර්ථිකය ඉහළ නොගිය බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon