දෙමළ සන්ධානය ඉන්දියාවට ඇමෙරිකාවට කතා කරලා

  👤  3303 readers have read this article !
By mawbima 2018-02-18

මෙරට ඇමෙරිකානු මහ කොමසාරිස්වරයා හා ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවී ඇති දෙමළ ජාතික සන්ධානය මෙරට වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කොට ඇති බව එම සන්ධානයේ ආරංචි මාර්ග "මව්බිම"ට පැවැසීය. වාර්තා වන අන්දමට මේ සාකච්ඡාව පවත්වා තිබෙන්නේ පෙරේදා (16දා)යි.
මේ අතර දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා, එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මාවෙයි සේනාධිරාජා, එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්‍ෂයට සහාය ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව එම පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී සාකච්ඡා කිරීමටත් නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා ඉරිදා "මව්බිම"ට පැවැසීය.

ඔහු එසේ පැවැසුවේ නව ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්‍ෂයට සහාය ලබා දෙනවා දැයි මව්බිම මන්ත්‍රිවරයාගෙන් කළ විමසීමට පිළිතුරු දෙමිනි.
මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේ වත්මන් ආණ්ඩුවේ සියලු කටයුතු තම පක්‍ෂය පිළි නොගන්නා නමුත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කොට ගැනීම හා දෙමළ ජනතාවගේ ගැටලු විස¼දා ගැනීම තම පක්‍ෂයට වැදගත් බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon