එජාපය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුයි

  👤  3928 readers have read this article !
By mawbima 2018-02-18

ජේ.ටී. ද සිල්වා

එක්සත් ජාතික පක්‍ෂයේ තනතුරුවල වෙනස්කම් ඇති කරන බවට අගමැතිවරයා පැවැසුවත් එය වහාම ක්‍රියාත්මක කර, පක්‍ෂය ආරක්‍ෂා කර ගත යුතු බවත්...එසේ නොවන්නේ නම් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් එම පක්‍ෂයේ ජේ‍යෂ්ඨ උප සභාපතිවරයකු වන රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර "මව්බිම"ට විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්‍ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් වහාම සිදුකළ යුතු බවට පක්‍ෂයේ වැඩි පිරිසක් දැඩි ස්ථාවරයක සිටින බවද ඇමැතිවරයා සඳහන් කළේය.
පළාත් පාලන ඡන්දයේදී ලැබුණු ප්‍රතිඵලයට යහපාලන ආණ්ඩුවේ සිටින දෙපාර්ශ්වයම වගකිව යුතු බව සඳහන් කළ ඇමැතිවරයා ඡන්ද කාලයේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශ පිළිබඳව තමාගේ යම් විරෝධයක් පවතින බව ද අවධාරණය කළේය.

ඇතැම් ඇමැතිවරුන් ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන ආණ්ඩුවට පහර ගැසුවා පමණක් නොව අගමැතිවරයාට ද පහරදීමේ ප්‍රතිඵල ඡන්ද ප්‍රතිඵල තුළ පවතින බවද ඇමැතිවරයා පැවැසීය.
පොහොර ප්‍රශ්නය මෙම ඡන්ද ප්‍රතිඵලයට ප්‍රබල බලපෑමක් වූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් වන කෘෂිකර්ම ඇමැතිවරයා එයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් ඇමැති මද්දුමබණ්ඩාර සඳහන් කළේය.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යෑමට නම් ඇමැති මණ්ඩලය තුළත් සිදුකළ යුතු වෙනස්කම් වහාම සිදුකළ යුතු බවද ඇමැතිවරයා පැවැසීය.

යහපාලන ආණ්ඩුවේ අගමැති ලෙස තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා සිටිය යුතු බව ද හෙතෙම පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon