වංචා දූෂණ යට ගැසීමේ අරමුණින් ජනපතිව ඝාතනය කිරීමට ඉඩ තිබෙනවා

  👤  3228 readers have read this article !
By mawbima 2018-02-16

ප්‍රතිගාමී විපක්ෂ බලවේගය යළි බලයට පැමිණියහොත් වංචා දූෂණ යටගැසීමේ අරමුණින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය හැකි බව දඹර අමිල හිමියෝ පැවසූහ.

පුරවැසි බලය සංවිධානය මඟින් ඊයේ (15දා) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.
එහිදී දඹර අමිල හිමියෝ මෙසේද පැවැසූහ.

මේ මැතිවරණයෙන් පසු ආණ්ඩුවේ පමණක් නොව මුළු රටේම අසමබරතාවක් ඇතිවෙලා, ආර්ථිකය කඩා වැටිලා, රුපියල අවප්‍රමාණ වෙලා කියලා එක එක පැතිවලින් කියෙනවා. ඒ කතා බොරු කියන්න කිසි කෙනකුට බැහැ. නමුත් මැතිවරණයේ මහින්ද විරෝධී කියලා ඉරක් ගැහුවොත් රටේ පුවැසියා ලබා දුන් ඡන්දවලින් විශාල ප්‍රමාණයක් මහින්ද විරෝධී ඡන්ද. ඒ නිසයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය පැරදුණේ නැහැ කියන්නේ. ශ්‍රී ල.නි.ප., එ.ජා.ප. දෙකේම එකතුව මහින්දගේ ඡන්ද ප්‍රතිශතවලට වඩා වැඩියි. ඒ අනුව 55%ක් විරුද්ධයි මහින්දට. ඒ කියන්නේ මහින්ද පරාදයි. ඔබ සුදුසු නැහැ කියලා එයින් ජනතාව ඔප්පු කළා.
ජනවාරි අට ලබා දුන් තීන්දුව ඒ නිසා අදටත් වලංගුයි. අගෝස්තු 17 ප්‍රහාරයත් මහින්දට වලංගුයි. ඒවා තමයි ජනතාව මහින්දව සීල් කරපු තැන්. ඒ වගේම මෙම ආණ්ඩුවට ජනතාව එල්ල කරන චෝදනා ගත්විට ආණ්ඩුවත් පරාදයි. යහපාලන ආණ්ඩුව ජනතාවගේ පොරොන්දු ඉටු කරලා නැහැ. ඒ නිසා මේ පළාත් පාලන ඡන්දයෙන් යහපාලන ආණ්ඩුවටත් රතු එළියක් ලබාදී තිබෙනවා.

දෙවරක් ආණ්ඩුව ඔසවා තබපු ජනතාවම අද ආණ්ඩුවටම එරෙහි වෙලා. නමුත් අපි බැලිය යුතුයි. මහින්ද දෙන ලණුු කකා ඉන්නේ නැතිව රනිල් සහ මෛත්‍රි කාලය අපතේ නොහැර පරාජයට හේතු සෙවිය යුතුයි.

ඒ වගේම ජනාධිපති, අගමැති ඉවත් කරන සංකල්ප සියල්ල පොහොට්ටුවේ යෝජනා මිසක් ජනපතිගේ හෝ අගමැතිගේ තීන්දු තීරණ නෙවෙයි.
ඒ වගේම රටේ අසමබරතාවක් නැහැ. ඒක මවලා තියෙන්නේ පොහොට්ටුව. අනික පළාත් පාලන මැතිවරණයකින් කොහෙද ආණ්ඩු පෙරළන්නේ. එහෙනම් ඉන්දියාවේ මෝඩි කී පාරක් ගෙදර ගිහින්ද? එහෙනම් අය වැය පරාජය වුණ වෙලේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට් ගෙදර යා යුතුව තිබුණා. ඒ නිසා එහෙම නීතියක් කොහේවත්ම නැහැ. මෙවැනි මතයක් රටේ පැතිරිලා තියෙන්නේ අපේ රටේ සාක්ෂරතාව ඉතා පහළ නිසා. ඒ නිසා මහින්දගේ පොහොට්ටුව අද බොරු ගොතනවා ඔහුගේ පැවැත්මට. හොරකම්, දූෂණ, අක්‍රමිකතාවලින් බේරෙන්න බලය ගන්න හදනවා.

අද මහින්ද හදන්නේ
බළලුන් ලවා කොස් ඇට බාවන්න. එයාගේ පටු අරමුණු ඉටු කර ගැනීමට. ඒ නිසා ශ්‍රී ලනිපය හා එජාපය එකතු වෙලා මේ යහපාලන ආණ්ඩුවේ පවතින වැරැදි අඩුපාඩු හදාගෙන කරගෙන යා යුතුයි. ඒ අනුව ප්‍රමාද වූ නඩුවලට මාස 3ක් ඇතුළත විසඳුම් ලබාදීලා හොරු හිර ගෙවල්වලට දාලා මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටු කළ යුතුයි.
ඒ වගේම සාමාන්‍ය ජනතාවගෙත් බදු බර අඩු කරමින් පොහොර සහනාධාර ලබා දෙමින් ආණ්ඩුවට එරෙහි ජනතා අප්‍රසාදය ප්‍රසාදයක් බවට පත් කර ගත යුතුයි.
ඒ වගේම පරාජයට හේතු සොයා බැලීමේදී ඊට අදාළ අමාත්‍යවරුන්ට මන්ත්‍රිවරුන්ට දඬුවම් ලබාදීලා අතරමඟ නැවැතූ වැඩ නිසි පරිදි කරගෙන යෑමයි. එහෙම නැතුව අගමැතිවරු පත් කරමින් තනි බලයකින් ආණ්ඩු හදලා රට අරාජිකත්වයට පත් කරන එක නෙවෙයි. ඒ අනුව යළි මේ රටේ යහපාලනය ස්ථාපිත කළ යුතුයි.
පුරවැසි බලයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය

රටේ දේශපාලන ප්‍රශ්නයක් නැහැ. මේ සිදුවන්නේ බොරු මවාපෑමක්. තව අවුරුදු දෙකහමාරක් ආණ්ඩුව ආණ්ඩු කරනවා. ඒක වෙනස් කරන්න පළාත් පාලන මැතිවරණයකට බැහැ. ජනවාරි 8 වෙනස කළේ මහින්ද රට විනාශ කළ නිසයි.

වමේ කේන්ද්‍රයේ සම කැ¼දවුම්කරු චමීර පෙරේරා
අගමැතිවරයාව විශ්වාස කළත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාව කිසිදු විටෙක මම විශ්වාස කරන්නේ නැහැ.
නුවන් හෙට්ටිආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon