ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් උපන් දිනය හෙටයි

  👤  2970 readers have read this article !
By mawbima 2018-02-16

ශ්‍රී ලංකාව මංගල ටෙස්ට් තරගයට සහභාගි වී හෙටට (17දා) වසර 36ක් සපිරෙන අතර, ඒ අනුව 1982 පෙබරවාරි මස 17 වැනි දින එංගලන්තය සමඟ පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ ආරම්භය සනිටුහන් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය සමඟින් සහභාගි වූ එම පළමු තරගයේදී කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක බන්දුල වර්ණපුර දිනාගත් අතර, එකල එංගලන්තය මෙහෙයවූයේ කීත් ෆ්ලෙචර් විසිනි. එහිදී ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ලකුණ බන්දුල වර්ණපුරත්, පළමු ටෙස්ට් අර්ධ ශතකය රන්ජන් මඩුගල්ලේ විසිනුත් වාර්තා කළේය.
එතැන් සිට වසර හතරකට පසුව (1985) පළමු ටෙස්ට් ජය සටහන් කරගත් ශ්‍රී ලංකාව 1995 වසරේදී නවසීලන්තය හමුවේ පළමු විදෙස් ටෙස්ට් ජය සටහන් කරගත් අතර, මේ වනවිට ටෙස්ට් තරග 269ක් ක්‍රීඩා කරමින් ජයග්‍රහණ 85ක්ද හිමිකරගෙන සිටී.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ වනවිට වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට මුහුණ දී ඇත්තේ පාකිස්තානයට එරෙහිවය. ඔවුන් සමඟ ටෙස්ට් තරග 53කදී ජයග්‍රහණ 16ක් වාර්තා කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon