අල්ලපු ඉඩමේ හිමිකරු පොලිසියට බාර වෙයි

  👤  3324 readers have read this article !
By mawbima 2018-02-16

උපතිස්ස පෙරේරා

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ තේ හා කුළු බඩු ආයතන ගොඩනැඟිල්ලක් කඩා වැටී කාන්තාවන් සිවුදෙනකු ඇතුළු සත් දෙනෙක් මියගොස් තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ගොඩනැඟිල්ලට යාබද ඉඩමේ ඉදිකිරීම් කටයුතු සිදු කළැයි කියන එහි හිමිකරු ඊයේ (15දා) නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට භාර වූ බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.

කඩා වැටුණු ගොඩනැඟිල්ලට යාබද ඉඩමේ තිබූ ගොඩනැඟිල්ලක් එහි හිමිකරු විසින් පසුගියදා කඩා ඉවත් කර ඇති බවත් ඒ හේතුවෙන් දෙපාර්ශ්වය අතර ආරවුලක් පැවැති බවත් දේපළ සම්බන්ධයෙන් නඩු දෙකක්ද, රුපියල් මිලියන 50ක මූල්‍ය වංචාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ලැබී ඇතැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon