එජනිස හා ජනපති හැර යෑමට අපේ පක්‍ෂය කිසිදු සූදානමක් නෑ

  👤  3462 readers have read this article !
By mawbima 2018-02-16

නෝර්වුඩ් - රිද්මි මිලින්දිකා

රටේ පවතින වත්මන් දේශපාලන අර්බුදයත් සමඟ විවිධ දේශපාලන පක්‍ෂවලින් එම පක්‍ෂවලට සහයෝගය ලබාදෙන ලෙසට ලංකා කම්කරු කොංග්‍රසයට ආරාධනා ලැබී ඇති බව එම කොංග්‍රසයේ ජේ‍යෂ්ඨ උප සභාපති හා මධ්‍යම පළාත් සභා මන්ත්‍රි පී. ශක්තිවේල් මහතා පැවැසීය.

ශක්තිවේල් මහතා ඒ බැව් පැවැසුවේ පළාත් පාලන මැතිවරණය අවසන්වීමත් සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (14දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ආරුමුගම් තොණ්ඩමාන් මහතා ඇතුළු ජේ‍යෂ්ඨයන් පිරිසක් මුණ ගැසී සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පී. ශක්තිවේල් මන්ත්‍රිවරයා කියා සිටියේ තමන්ට කුමන පක්‍ෂයෙන් ආරාධනා ලැබුණත් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හැර යෑමට තම පක්‍ෂය කිසිදු සූදානමක් නොමැති බවයි. තව දුරටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහයෝගය දක්වමින් තම පක්‍ෂය කටයුතු කරන බවත් ශක්තිවේල් මහතා කීය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල ප්‍රාදේශීය සභාව, ආගරපතන ප්‍රාදේශීය සභාව, නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවල පාලන බලය එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පිහිටුවන බවත් ඒ සඳහා අනෙකුත් දේශපාලන පක්‍ෂවල සහයෝගයද ලබා ගැනීමට අපේක්‍ෂා කරන බවත් පැවැසීය.
හැටන් දික්ඔය නගර සභාව, මස්කෙළිය ප්‍රදේශීය සභාව, තලවකැලේ ළිඳුල නගර සභාව, නුවරඑළිය ප්‍රාදේශීය සභාව, අඹගමුව, කොත්මලේ සහ හඟුරන්කෙත යන ප්‍රාදේශීය සභාවල ලංකා කම්කරු කොංග්‍රසය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා තවත් සුළු පක්‍ෂවල සහයෝගය ඇතිව පාලන බලය පිහිටුවීමට කටයුතු කරන බවද හෙතෙම කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon