ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

  👤  3272 readers have read this article !
By mawbima 2018-02-15

ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට රට හමුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.
පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසුව ජනාධිපතිවරයා කීවේ ඉදිරි දින කීපය තුළ රටට දැනෙන වෙනසක් කරන බවයි.
2018 පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇති වී තිබෙන තත්ත්වය හා ඉදිරි කටයුතු ගැන ඊයේ (14දා) දිනද ජනාධිපතිවරයා සමඟ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයෝ වෙන වෙනම සාකච්ඡා කළහ.

පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවා නම් ඒ සඳහා අවස්ථාව තිබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බවයි.
පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවා නම් ඒ සඳහා අවස්ථාව ලබාදිය හැකි බව ජනාධිපතිවරයා එම රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මෙම මෙහෙයුමට ඇත්තේ පැය 48ක කාලයක් පමණි. එම මෙහෙයුමෙන් ජය ගන්නා කණ්ඩායමට ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව උදාවේ. මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රට හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon