ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා නම් සහාය දෙනවා

  👤  3167 readers have read this article !
By mawbima 2018-02-15

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිතුමා පියවර ගන්නේ නම් ඊට කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙන බව ඒකාබද්ධ විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී. රත්නායක මහතා පවසයි.

මේ මොහොතේ රට මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව සලකා බලා දැනට හවුල් ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රිවරුන්ට ද හවුල් ආණ්ඩුවෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් සෑදීමට එක්වන ලෙසද සී.බී. රත්නායක මහතා ආරාධනා කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (14දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon