ගාල්ල එජාප මන්ත්‍රි විජේපාලට ඇප

  👤  3314 readers have read this article !
By mawbima 2018-02-15

ගාල්ල අක්මීමණ කුරුඳුවත්තේදී කාන්තාවකට බැන වැදී පහර දුන්නේ යැයි එම කාන්තාව විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (14දා)...ගාල්ල අධිකරණයට ඉදිරිපත් වූ ගාල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමට ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.

ගාල්ල අක්මීමණ කුරුඳුවත්ත ප්‍රදේශයේ මන්ත්‍රිවරයා පැවැත්වූ රැස්වීමකට බාධා වන අයුරින් නිවෙසක කාන්තාවක් විසින් අධික ශබ්දයෙන් ගුවන්විදුලි යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් එම කාන්තාව හා මන්ත්‍රිවරයා අතර ගැටලු සහගත තත්ත්වයක් ඇතිවීමේ සිද්ධියක් හේතුවෙන් මන්ත්‍රිවරයාට එම චෝදනා එල්ල වී තිබිණි.
මේ තත්ත්වය මත පෙරේදා අක්මීමණ කුරුඳුවත්ත ප්‍රදේශයෙහි ප්‍රදේශවාසීන් පිරිසක් ඊට එරෙහිව උද්ඝෝෂණයක ද නිරත විය.

ඒ අවස්ථාවේදී විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රිවරයා කියා සිටියේ මෙම සිද්ධිය තමන්ගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් විසින් ගෙතූ එකක් බවය. වෛද්‍ය පරීක්ෂණයට එම කාන්තාව යොමු කරන ලෙසත් අධිකරණය හමුවට මෙම සිද්ධිය ඉදිරිපත් කරන ලෙසත් ඔහු එහිදී ඉල්ලා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon