ශ්‍රී ලන්කන්-මිහින් ජනපති කොමිසම වැඩ අරඹයි

  👤  3586 readers have read this article !
By mawbima 2018-02-15

ශ්‍රීලන්කන් එයාර් ලයින්ස්, සී/ස ශ්‍රී ලන්කන් කේටරිං සහ සී/ස මිහින් ලංකා යන සමාගම්වල සිදුවූවා යැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශ්‍රාමලත් ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංචපුද්ගල ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ නිලධාරීන්ට පත්වීම් ලිපි පිළිගැනීම ඊයේ ජනපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදුවිය.

විශ්‍රාමලත් ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා සභාපතිත්වය දරන එම කොමිසමේ සෙසු සාමාජිකයන් වශයෙන් විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු, ඊ.ඒ.ජී.ආර්. අමරසේකර, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති එම්.ඩී.ඒ. හැරල්ඩ් යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්‍ෂණ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්ලිව්.ජේ.කේ. ගීගනගේ මෙනෙවිය කටයුතු කරති.

එම නිලධාරීන්ට පත්වීමේ ලිපි ලබාදීම ඊයේ (14දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
මෙම කොමිසම 2006 ජනවාරි මස 06 වැනි දින මීට 2018 ජනවාරි මස 31 වැනිදා දක්වා කාලය තුළ දී ඉහත සඳහන් කළ සමාගම්වල සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කොට වාර්තා කිරීම සඳහා පත් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon