අගමැති ලවා ගෙන්වා ගන්න

  👤  3196 readers have read this article !
By mawbima 2018-02-15

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අද (15දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටියහොත් ජනාධිපතිවරයා වහාම අග්‍රාමාත්‍යවරයා හරහා ඔහු ගෙන්වීමට කටයුතු කරන්නැයි දූෂණ විරෝධී හඬ අවධාරණය කරයි.

එම සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවැසුවේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි නියෝග කර ඇති නමුත් ඔහු මෙරටට පැමිණි බවට කිසිදු තොරතුරක් නොමැති බවයි.

හිටපු මහ බැංකු අධිපතිවරයා මීට සම්බන්ධ වී අවශ්‍ය සාක්ෂි හා සටහන් ලබා නොදීමේ වෑයමක් පවතින බව පෙනී යන බවත් දේශපාලන ව්‍යාකූලත්වය තුළ මෙම වංචාව ගිලෙන්නට ඉඩ නොදිය යුතු බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon