ශ්‍රී ලනිප එජාප 113 පෙන්වන සටනක

  👤  3910 readers have read this article !
By mawbima 2018-02-15

එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ආණ්ඩුවක් පිහිටුවීමට 113ක මන්ත්‍රි කණ්ඩායමක් සාදා ගැනීමේ දේශපාලන සටනක යෙදී සිටින බවට එම පක්ෂ දෙකේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට එවැනි ආණ්ඩුවක් දෙපාර්ශ්වයෙන් කවුරුන් හෝ පිහිටුවීම පිළිබඳ ජනාධිපතිවරයාගේ නොසතුටක් නැති බවද වාර්තා වේ.
දැනගන්නට ඇති අන්දමට ශ්‍රී ලනි පක්ෂයේ මැති ඇමැති කණ්ඩායම හමුවූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ මේ දෙපාර්ශ්වයම වැඩි බහුතරයක් තිබෙන බැවින් එම දෙපාර්ශ්වයේ කවුරුන් හෝ ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා දෙනවා නම් ඒ සඳහා ජනාධිපති ලෙස තමාට ඇති බලතල අනුව ඒ සඳහා අවස්ථාව ලබාදිය හැකි බව ප්‍රකාශ කොට තිබේ.

ඒ අනුව මේ වනවිට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට එජාපය හා ශ්‍රී ලනිපය තීරණාත්මක මෙහෙයුමක් ආරම්භ කොට තිබේ.
මේ තත්ත්වය මත අද (15දා) හෝ හෙට (16දා) ස්ථිර වශයෙන්ම ආණ්ඩුවක් පිහිටුවන්නේ දෙපාර්ශ්වයෙන් කවුරුන් විසින්ද යන්න ප්‍රකාශයට පත්කරනු ඇතැයි පැවැසේ.
එ.ජා. පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට එම පක්ෂයේ මැති ඇමැතිවරුන් පක්ෂ නායකත්වයට යෝජනා කර තිබූ අතර එම යෝජනාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේද කැමැත්ත පළවී තිබේ.

ඒ අතර පක්ෂයේ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායම පෙරේදා (13දා) අගමැතිවරයා හමුවී තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙස කළ ඉල්ලීමේ කිසිදු වෙනසක් නැති බව ඊයේ (14දා) අරලියගහ මන්දිරයේදී පැවැති එජාප මැති ඇමැතිවරුන්ගේ විශේෂ හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකර සිටිමින් පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන ඇතුළු පිරිස සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon