ක්‍රිස්තුරාජ-ලොයොලා ‘මිත්‍ර සංග්‍රාමය’ හෙට සහ අනිද්දා මීගමුවේදී

  👤  3280 readers have read this article !
By mawbima 2018-02-15

ඒකල-ප්‍රසංග පාවුළුහේවා

ජා-ඇල තුඩැල්ල ක්‍රිස්තුරාජ ජාතික පාසල හා බෝපිටිය ලොයොලා විදුහල අතර ප්‍රථම වරට පවත්වනු ලබන 'මිත්‍ර සංග්‍රාමය' මහා ක්‍රිකට් තරගය මීගමුව කදිරාන වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පෙබරවාරි 16 සහ 17 යන දිනයන්හි පැවැත්වේ. එක්දින තරගය පෙබරවාරි 24 වැනි දින කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ක්‍රිස්තුරාජ ජාතික පාසලේ 75 වන ජුබිලි සංවත්සරය සැමැරීමත් ලොයොලා විදුහලට වසර 15ක් පිරීමත් මුල් කරගනිමින් පවත්වනු ලබන මෙම මිත්‍ර ක්‍රිකට් සංග්‍රාමය තුළින් පාසල් දෙක අතර සුහදතාවය වර්ධනය කිරීම හා සිසුන්ගේ ක්‍රිකට් දක්ෂතා ඔප් නැංවීමටත් මෙම තරගය සංවිධානය කර ඇත.

මෙම තරගාවලියේදී ක්‍රිස්තුරාජ පිලේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ධනංජය ප්‍රනාන්දු කටයුතු කරන අතර බෝපිටිය ලොයොලා පිලේ නායකයා ලෙස සයුරු ජයකොඩි කටයුතු කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon