ගිවිසුම්ගත ක්‍රීඩකයන් 104ක් සඳහා ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ 850ක්

  👤  3065 readers have read this article !
By mawbima 2018-02-15

දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් එකසිය හතර (104) දෙනකුට ක්‍රීඩා කොන්ත්‍රාත්තු ගිවිසුම් පිරිනැමීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද උත්සවය ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14දා) ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදු කෙරුණු අතර මෙම ගිවිසුමට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආයෝජනය කරන ලද මුදල රුපියල් ලක්ෂ 850කි.

ගිවිසුම් සඳහා අදාළ ක්‍රීඩකයන් තෝරාගෙන ඇත්තේ 2016/2017 ක්‍රිකට් වාරයට අදාළව අන්තර් සමාජ තරගාවලියේදී දස්කම් දැක්වූ ක්‍රීඩකයන්ගෙනි. වයස 19 කාණ්ඩයේ පාසල් ක්‍රීඩකයන් තෝරාගෙන ඇත්තේ මෑතකදී සහභාගී වූ වයස 19න් පහළ ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලීන්හිදී දැක්වූ දස්කම් සැලකීමෙනි.
ඉහළම දස්කම් දැක්වූ පළමු ශේ‍ර්ණියේ ක්‍රීඩකයන් 20ක්, නැඟී එන (ඡ්ථඥපඨඪදඨ) ක්‍රීඩකයන් 23ක් (වයස 23-29 අතර), අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් 29ක්, හිටපු ජාතික ක්‍රීඩකයන් (තවමත් ක්‍රීඩා කරන) 15ක්, මෑතකදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ක්‍රීඩකයන් 17ක් යනාදී වශයෙන් මෙම කොන්ත්‍රාත් ගිවිසුම් අස්සන් කිරීම සදහා ක්‍රීඩකයන් තෝරාගෙන ඇත.

මෙයට අමතරව මෙම ක්‍රීඩකයන්ට රුපියල් ලක්ෂ 25 බැගින් හදිසි අනතුරු රක්ෂණ ද, රුපියල් ලක්ෂ 3 බැගින් වෛද්‍ය රක්ෂණ ද පිරිනැමේ. ක්‍රීඩකයන් 104කට මේ පහසුකම් ලබා දෙන්නේ ඔවුන්ගේ ක්‍රීඩා සමාජ මඟින් පිරිනමන දීමනාවන්ට අමතරවය.

ගිවිසුම් සඳහා ක්‍රීඩකයන් 104ක් තෝරාගෙන ඇත්තේ පහත සුදුසුකම් සලකා බැලීමෙනි. දේශීය ක්‍රිකට් 'ඒ' කොටසේ තරගාවලියේදී පිතිකරුවකු ලකුණු 750ක් රැස් කිරීම හෝ පන්දු යවන්නකු කඩුලු 45ක් ලබාගැනීම, තුන් ඉරියව් ක්‍රීඩකයකු ලකුණු 350ක් හා කඩුලු 35ක් ලබා ගැනීම, කඩුලු රකින්නකු ලකුණු 400ක් රැස් කිරීම හා කඩුලු 20ක් දවාලීමට දායක වීම. දේශීය ක්‍රිකට් 'බී' කොටසේ තරගාවලියේදී පිතිකරුවකු ලකුණු 600ක් රැස් කිරීම හෝ පන්දු යවන්නකු කඩුලු 40ක් දවාලීම, තුන් ඉරියව් ක්‍රීඩකයකු ලකුණු 350ක් ලබා ගැනීම හා කඩුලු 35ක් දවාලීම, කඩුලු රකින්නකු ලකුණු 400ක් රැස් කිරීම හා කඩුලු 20ක් දවාලීමට දායක වීම. නැඟී එන (ඡ්ථඥපඨඪදඨ) ක්‍රීඩකයකු පසුගිය වසර 3 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම, ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම හෝ සංවර්ධන කණ්ඩායම නියෝජනය කර තිබීම (වයස 23-29 අතර) වසර 30ට වැඩි තවමත් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන හිටපු ජාතික ක්‍රීඩකයන් 19න් පහළ ලෝක කුසලානය හෝ ආසියානු කුසලාන තරගාවලිය නියෝජනය කර ඇති 19න් පහළ ක්‍රීඩකයන් ද මීට ඇතුළත්ය.

ඡායාරූපය _
අශාන් ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon