දූෂණය-අල්ලස-වංචාව හා නාස්තිය ගැන තොරතුරු දන්නවා නම් ජනාධිපති කාර්යාලයට කියන්න

  👤  3279 readers have read this article !
By mawbima 2018-02-15

දූෂණය, අල්ලස, වංචාව, අක්‍රමිකතා සහ නාස්තිය පිළිබඳ ජනතාව දන්නා තොරතුරු කඩිනමින් ජනාධිපති කාර්යාලයට ලබා දෙන්නැයි නාස්තිය සහ දූෂණයට එරෙහි ජාතික වැඩසටහනේ සම්බන්ධීකාරක නීතිඥ රජික කොඩිතුවක්කු මහතා පවසයි.

ශ්‍රී ලාංකික ජාතියේ වර්තමාන අභියෝග ගැන අවබෝධකර ගනිමින් නූතන ජාතියක් ලෙස නැඟී සිටීමට අවශ්‍ය ජවය සපයමින් දූෂණයෙන් සහ නාස්තියෙන් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණ ඇතිව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පූර්ණ මැදිහත්වීමෙන් මෙම වැඩසටහන සිදු කරනු ලබයි.

එහිදී එම පැමිණිලි යෝජනා හා අදහස් ලබා දීම සඳහා නාස්තිය සහ දූෂණයට එරෙහි ජාතික වැඩසටහන, ජනාධිපති කාර්යාලය, කොළඹ 01, ලිපිනයට හෝ 0112431502 ෆැක්ස් අංකයට හෝ ඛඥපධජධපපභනබඪධද@නපඥඵඪඤඥබඵධටටඪජඥ.තඬ විද්‍යුත් ලිපිනය ඔස්සේ යොමු කළ හැකි බවද මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා 0764654600 රජික කොඩිතුවක්කු මහතා හෝ 0775770882 අමරතුංග මහතා සම්බන්ධ කර ගැනීමට හැකි බවද ඔහු සඳහන් කළේය.
පෙරේදා (13දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදීය.

වැඩිදුරටත් රජික කොඩිතුවක්කු මහතා මෙසේද පැවැසීය.

මෙම පැමිණිලි ලබා ගැනීම ජනාධිපති කාර්යාලයේ පිහිටුවා ඇති නාස්තිය සහ දූෂණයට එරෙහි සංවිධානයේ නිලධාරීන් විසින් සිදු කිරීමට නියමිත අතර මාර්තු මස 1 වැනි දින තෙක් ඒ සඳහා අවස්ථාව ලැබී ඇති අතර ජනාධිපතිවරයා නියෝග කළහොත් එම කාලය දීර්ඝ කළ හැකිය.
මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේද පැවැසීය.

එමෙන්ම පැමිණිලි කිරීමක් නොමැතිව සමාජයේ කතා බහට ලක් වන පොදු දේවල් පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු නෛතික අයිතියක් නැහැ.
මාස තුනක් වැනි ඉතා කෙටි කාලයකදී මෙම පැමිණිලිවලට අවසන් විසඳුම් ලබා දෙන්න නියමිතයි.
ඒ විසඳුම් පිළිබඳව ජනාධිපතිවරයා දැඩි අවධානයෙන් සිටින බව කිව යුතුයි.

 නුවන් හෙට්ටිආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon