හැටන්වලදී මෝටර් රථයක් පාරෙන් ඉවතට පෙරැළී යෑමෙන් රියැදුරුට තුවාලයි

  👤  3303 readers have read this article !
By mawbima 2018-02-15

නෝර්වුඩ් - රිද්මි මිලින්දිකා

හැටන් සිට නෝර්වුඩ් දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි දහයක් පමණ ප්‍රපාතයට පෙරැළීමෙන් මෝටර් රථයේ රියැදුරු සුළු තුවාල ලබා ඇති අතර ඔහු පොලිස් අත්අඩංගුවට ගත් බව නෝර්වුඩ් පොලිසිය පවසයි.

ඊයේ (14දා) පස්වරු 4.30ට පමණ මේ අනතුර සිදුවී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ ගැලැන්කන් කැන්දගොල්ල ප්‍රදේශයේදීය.
එම මෝටර් රථයේ රියැදුරා අධික ලෙස මත්පැන් පානය කර මෝටර් රථය ධාවනය කළ නිසා මෝටර් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇති බව අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන නෝර්වුඩ්
පොලිසිය කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon