මසට අලෙවි කළ එළුවන්ට අඹන්පොළ පොලිීසියෙන් අභය දානය

  👤  3298 readers have read this article !
By mawbima 2018-02-15

අඹන්පොළ - ශ්‍රී මතී විජේරත්න

මස් සඳහා අලෙවි කිරීමට රැගෙන යමින් සිටි එළුවන් නව දෙනෙක් ඉන් බේරාගෙන අභය දානය ලබාදීමට අඹන්පොළ පොලිස් නිලධාරීහු ක්‍රියා කළහ. එම එළුවන් වෙනුවෙන් පොලිස් නිලධාරීහු රුපියල් 1,60,000ක (එක් ලක්ෂ හැට දහසක) මුදලක් වැය කළහ.

නීති විරෝධී අයුරින් කුඩා වාහනයක පටවාගෙන ගිය මේ එළුවන් පිරිස සහිත වාහනය අඹන්පොළ පොලිසිය මඟින් නීතියේ රැහැනට හසු කර ගත්හ. පසුව සැකකරුවන් සමඟින් එළුවන් මහව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමෙන් අනතුරුව එම එළු රැල නැවතත් අයිතිකරුට භාරදීමට මහෙස්ත්‍රාත් නියෝග ලැබිණි).
එළුවන් නව දෙනාට රුපියල් එක් ලක්ෂ හැට දහසක් (රු. 1,60,000) ගෙවීමට එකඟ කරගත් පොලිස් නිලධාරීහු එම එළුවන් නව දෙනා භාරගෙන ආර්ථික අපහසුතාවලින් මිරිකෙන පවුලකට ඇති කිරීමට භාර දුන්හ.

අඹන්පොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්මකුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පූජ්‍ය ඉපලෝගම පියරතන හිමිගේ අනුශාසනා පරිදි එම කටයුතු සිදු කළහ. සෑම පොලිස් නිලධාරියෙක්ම හැකි අයුරින් මේ සඳහා මූල්‍ය දායකත්වය සැපයූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon