හැටන් ලංගම ඩිපෝවේ පාලන බලය සේවක පිරිසක් අතට ගැනීමෙන් ආදායම පහළ වැටිලා

  👤  3244 readers have read this article !
By mawbima 2018-02-15

නෝර්වුඩ් - රිද්මි මිලින්දිකා

හැටන් ලංගම ඩිපෝවේ පාලන බලය එම ඩිපෝවේ සේවකයන් පිරිසක් අතට පත් කර ගැනීම නිසා එම ඩිපෝවේ පරිපාලනය බිඳ වැටී ආදායම් තත්ත්වය පහළ වැටී ඇති බව ඩිපෝ පරීක්ෂක රෝහණ සිල්වා මහතා පවසයි.
හැටන් ඩිපෝවේ කළමනාකාරවරයා සහ තමන් ඇතුළු තවත් සේවක පිරිසකට එම ඩිපෝවේම ඇතැම් සේවක පිරිසක් විසින් තර්ජනය කිරීම හේතුවෙන් එම තර්ජනයට ලක් වූ සියලු දෙනා දින කිහිපයක් සේවයට වාර්තා නොකර සිටින බව රෝහණ සිල්වා මහතා කීය.

පළාත් පාලන මැතිවරණය මැතිවරණ ප්‍රතිඵලත් සමඟ එම ඩිපෝවේ ඇතැම් සේවකයන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය බස් රථවල අලවා සිය පාලන බලය බලහත්කාරයෙන් ඔවුන් අතට ගැනීම නිසා දිනකට ධාවනය වූ ලංගම බස් රථ සීයෙන් ඊයේ (14දා) දිනය වන විට බස් රථ හතළිහක් පමණ ධාවනය වන බව රෝහණ ද සිල්වා මහතා කියා සිටියේය.

හැටන් ලංගම ඩිපෝවේ දිනක ආදායම රුපියල් ලක්ෂ පහළොව දක්වා පැවැතියද දැනට දින කිහිපයක සිට එම ආදායම් තත්ත්වය රුපියල් ලක්ෂ අට දක්වා පහත වැටී ඇති බවත් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්වූ එම ඩිපෝවේ විශාල සේවක පිරිසක් පවත්නා තත්ත්වය හේතුවෙන් සේවයට වාර්තා නොකර සිටින බව රෝහණ ද සිල්වා මහතා වැඩිදුරටත් කීය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ලංගම ගම්පොළ පිහිටි ප්‍රධාන කාර්යාලය මඟින්ද හැටන් පොලිසිය මඟින්ද මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon