මාපලාන කෘෂි විද්‍යා පීඨයේ සිසුහු උද්ඝෝෂණයක

  👤  3055 readers have read this article !
By mawbima 2018-02-15

තිහගොඩ - කැලුම් පලොල්පිටිය

රුහුණ විශ්වවිද්‍යාලයට අනුබද්ධ මාපලාන කෘෂි විද්‍යා පීඨයේ ශිෂ්‍යයෝ මාපලාන කෘෂි විද්‍යා පීඨය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූහ. මෙහිදී ඔවුන් කියා සිටියේ පැවැති ප්‍රථම වසර විභාගයේදී ඉදිරිපත් වූ ශිෂ්‍යයන්ගෙන් අති බහුතරයක් අසමත් වීමට ප්‍රධාන හේතුව බව එම විභාග ප්‍රශ්න පත්‍රය පරීක්ෂා කළ ගුරුවරයා ද්වේශ සහගත ආකාරයෙන් ශිෂ්‍යයන් අසමත් කිරීමට විරෝධය පළ කරමින් මේ උද්ඝෝෂණ පවත්වන බවයි. මාපලාන කෘෂි විද්‍යා පීඨයේ ශිෂ්‍ය සංගමයේ සභාපති ගිහා කනිෂ්ක පැවැසුවේය.

මේ ප්‍රථම වසරේ ඉදිරිපත් වූ ශිෂ්‍යයන්ගෙන් දෙසිය විස්සකින් පමණ එකසිය විසිපස් දෙනකු අසමත් කිරීම සිදු කිරීම නිසා දැඩි බලපෑමක් මේ වන විටත් සිදු වී තිබෙන බවයි. මේ සම්බන්ධයෙන් පරිපාලනය සමඟ සාකච්ඡා කිරීමේ දී ඔවුන් ප්‍රකාශ කර සිටියේ නවක වධය ලබාදීම හේතු කරගෙන මේ ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි. මේ හේතුව පිළිගත නොහැකි අතර දෙවැනි වසර හා අවසාන වසරේ ශිෂ්‍යයන් පවා මේ ගැටලුවට පත්වී තිබේ. මේ ප්‍රශ්න පත්‍රය බැලීම සිදු කරනු ලැබූ ගුරුවරයා සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙන බව ද ඔහු කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon