නව පළාත් පාලන ඡන්ද ක්‍රමය වහා අහෝසි කර දැමිය යුතුයි

  👤  3339 readers have read this article !
By mawbima 2018-02-15

පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ විකෘති බව නිසා ඇප රාජසන්තක වූ අය පවා මන්ත්‍රිවරු ලෙස පත්වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.

ඔහු එසේ පැවැසුවේ ඊයේ (14දා) බත්තරමුල්ලේදී පැවැති ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානය සංවිධාන කළ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
එහිදී ගාමිණී ලොකුගේ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
මේ රටේ රාජ්‍ය සේවකයන් ඇතුළු කම්කරු ජනතාව මේ ආණ්ඩුව වැඩ කරන ආකාරය වැරැදියි කියන පණිවුඩය පළාත් පාලන මැතිවරණයේදී ලබා දුන්නා. විශේෂයෙන් තැපැල් ඡන්ද 70%කට වඩා මහින්ද රාජපක්ෂ මහත්තයට දී තිබෙන බව ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිටි නිලධාරීන්ගෙන් දැන ගන්න ලැබුණා. ඒ වගේම රටේ බහුතර ජනතාව පොහොට්ටුවට ඡන්දය දී තිබෙනවා.

නමුත් අලුත් මැතිවරණ ක්‍රමය තුළ තිබෙන විකෘති බව ජනතාව තේරුම් ගෙන තිබෙනවා. එදා තිබුණු මැතිවරණ ක්‍රමය විකෘති කරමින් වත්මන් ආණ්ඩුව ඡන්දය පැවැත්වීම නිසා ශක්තිමත් සභා පිහිටුවීම විශාල ගැටලුවක් බවට පත් වෙලා. ජයග්‍රහණය කළ අපටයි ඒක තේරෙන්නෙ.
මැතිවරණයේදී ඇප මුදල් රාජසන්තක වුණු අයත් මන්ත්‍රිවරු ලෙස පත් වුණා. කිසිම කොට්ඨාසයක් ජයග්‍රහණය නොකරපු ජනතා විමුක්ති පෙරමුණත් මන්ත්‍රිවරු සිය ගණනක් පත් කර ගත්තා. ඒත් ආසන සියල්ල දිනපු අයට ප්‍රසාද ආසන ලැබෙන්නෙ නැහැ. ඒ වගේ විකෘති මැතිවරණ ක්‍රමයක් අපට අවශ්‍ය නැහැ. ඒ නිසා වහාම මේ මැතිවරණ ක්‍රමය අහෝසි කරන්න ඕන.

පැරැදුණු අයට ප්‍රසාද මන්ත්‍රි ධුර දුන්නොත් මීට පස්සේ අමතර ලැයිස්තුවකින් ඉදිරිපත් කරන්න කෙනෙක් හොයා ගන්න බැරි වෙනවා.
පසුගිය කාලයේම රාජ්‍ය දේපළ විජාතිකයන්ට විකුණලා රැකියා අහිමි කළා. දේශපාලන පළිගැනීම් කළා. අපේ වෘත්තීය සමිතිවලට සම්බන්ධ වූ අයට ස්ථාන මාරු දුන්නා. වෘත්තීය සමිතිවල සභාපති ලේකම්වරු මාරු කරන්න බැහැ කියලා කම්කරු නීතිවල තිබුණත් ඒවා ගණන් ගත්තෙ නැහැ. කම්කරු පන්ති ලෙසත් වෘත්තීය සමිති ලෙසත්
වහාම මහ මැතිවරණයකට යන්න යෝජනා කරනවා. එජාපය, අගමැතිතුමා

වගේම ශ්‍රී ලනිපය මැතිවරණයේදී ප්‍රතික්ෂේප කොට තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව ඉල්ලා අස්වී වහාම මැතිවරණයකට යා යුතුයි. ඊට අවශ්‍ය නීති සම්පාදනය කිරීමට අපගේ සහාය ලබා දෙනවා.

රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඩබ්ලිව්. එච්. පියදාස
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණය සුළු කොට තකන්න බැහැ. 1952දී බණ්ඩාරනායක මහත්තයා නව දේශපාලන පක්ෂයක් හදල බලයට එන්න වසර හතරක් ගත වුණා. ඒත් පොදුජන පෙරමුණ පිහිටුවා මාස කිහිපයකින් ජනතාව ඊට බලය ලබා දුන්නා.
මේ ප්‍රතිඵලය එන්.ජී.ඕ. සල්ලිවලින් ලැබෙන අය විසින් විකෘති කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත නොකිරීම, රාජපක්ෂවරුන්ට දඬුවම් නොදීම නිසා ආණ්ඩුවට ඡන්ද අඩු වූ බවත් ඔවුන් කියනවා. ඒත් ජනතා අපේක්ෂා ඉටු නොකිරීම නිසයි ආණ්ඩුව පරාජයට පත්වුණේ.

අර්ජුන මහේන්ද්‍රන් විදේශ පුරවැසියකු නිසා ඔහු පත් කරන විට අගමැතිවරයා වගකීම භාර ගත්තා. අද අර්ජුන ගෙන ඒමටත් ඔහු වගකිව යුතුයි.
රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් කප්පාදුව, වෘත්තීය සමිති මර්දනය ආදී කරුණු රැසක්ම ආණ්ඩුවේ පරාජයට හේතු වුණා. වරාය, ගුවන් තොටුපොළ විකුණනවා. තෙල් ටැංකි ඉන්දියාවට දෙනවා. හාල්වලින් ස්වයංපෝෂිත රටක් මහින්ද මහත්තයා ඉතිරි කළත් අද විදේශ හාල් නැත්නම් ජනතාව බඩගින්නේ. ඒ වගේම විදේශ ගැති ආණ්ඩුවක් වීමත් ජනතා විරෝධයට හේතු වුණා.

ඉතිහාසයේ සෑම විටකම ආණ්ඩුව කරන පක්ෂයට ගමේ බලයත් ලබා දුන්නා. ඒත් මෙවර ආණ්ඩුවට ඒ අවස්ථාව අහිමි වුණා. මහින්ද රාජපක්ෂට රට භාර දෙන්න කියලයි ජනතාව කියන්නෙ.

දැන් එජාපය තනි ආණ්ඩුවක් හදන්න කතා කරනවා. ශ්‍රී ලනිප හවුල් ආණ්ඩුවක් හදන්න කතා කරනවා. මේ මොන දේ කළත් ඒක අතීසාරයට අමුඩය ගැසීමකට සමානයි.
ඛනිජ තෙල් වෘත්තීය සමිති ව්‍යාපාරයේ සභාපති බන්දුල සමන් කුමාර

මේ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ බව ආදිවාසී නායක වන්නිලෑ ඇත්තෝ කියනවා. ඒත් රාජිත සේනාරත්න ඇමැතිවරයා කියන්නෙ මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කළ බවයි.

ඩොලර් කාක්කන්ගෙ එම අර්ථ දැක්වීම වැරැදි බව බහුතර ජනතාව දන්නවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon