ආරක්‍ෂකයන්ගේ විරෝධය නොතකා දක්‍ෂිණ අධිවේගයේ ත්‍රිරෝදය ධාවනය කළ රියැදුරු දැලේ

  👤  3434 readers have read this article !
By mawbima 2018-02-15

පනාගොඩ _ චම්පා ජීවන්ති

දක්‍ෂිණ අධිවේගී මාර්ගයට අතුරුගිරිය පිවිසුමෙන් ඇතුළු වී කොට්ටාව දෙසට ධාවනය කළ ත්‍රිරෝද රථයක් ඊයේ (14දා) දහවල් කොට්ටාව පිවිසුම ආසන්නයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව දක්‍ෂිණ අධිවේගී මාර්ග රථ වාහන පොලිසිය පැවැසීය.
මේ ත්‍රිරෝද රථය දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමෙන් මාර්ගයට ඇතුළු කිරීමට පැමිණීමේදී එහි සිටි ආරක්‍ෂක නිලධාරීන් ඊට විරෝධය පා නැවත හරවා යන ලෙස පවසා ඇත. එහෙත් ත්‍රිරෝද රථය හරවා ගැනීම සඳහා ආරක්‍ෂක කඩුල්ල විවෘත කළ අවස්ථාවේදී ත්‍රිරෝද රථය දක්‍ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කර කොට්ටාව දෙසට ධාවනය කර ඇති බව එම පොලිස් ඒකකය පැවැසීය.

දක්‍ෂිණ අධිවේගී මාර්ග රථ වාහන අංශයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ලුහුබැඳ ගොස් කොට්ටාව පිවිසුමට ආසන්නයේදී ත්‍රිරෝද රථය නවත්වා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවද පොලිසිය පැවැසීය.

දක්‍ෂිණ අධිවේගී මාර්ග රථ වාහන පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගත් මෙම ත්‍රිරෝද රථය සහ එහි රියැදුරු නීතිමය කටයුතු සඳහා හෝමාගම පොලිසියට භාර දීමට කටයුතු කර තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon