දළ පූට්ටුවාගේ ඇත් දළ ළඟ තබාගත් හය දෙනා යළිත් රක්ෂිතයට

  👤  3068 readers have read this article !
By mawbima 2018-02-15

ගොකරැල්ල - සුනිල් එස්. පැල්ලන්දෙණිය ,යාපහුව - බණ්ඩාර හේරත්

ගල්ගමුව දළ පූට්ටුවා නමැති ඇතා ඝාතනය කොට උගේ ඇත් දළ යුගල හා තවත් කොටස් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 6 දෙනා තවදුරටත් මේ මස 28 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහව අතිරේක මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රසික මල්ලවාරච්චි මහතා ඊයේ (14දා) නියෝග කළේය.

මෙසේ තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ නිකවැව, මොරගොල්ලාගම පදිංචි රාජපක්ෂ මුදියන්සේලාගේ අසංක සෙනරත් බණ්ඩාර, ගල්ලෑව ගල්ගමුව පදිංචි රත්නමල්ල ඉරුගල් බණ්ඩාරලාගේ රුවන් නිරෝෂණ රතනවංශ, සියඹලාව මොරගොල්ලාගම පදිංචි ලොකුවංශලාගේ අජන්ත අමරජීව, සියඹලාව මොරගොල්ලාගම පදිංචි දිසානායක මුදියන්සේලාගේ නිලන්ත පුෂ්පකුමාර, පොහොරවත්ත මොරගොල්ලාගම පදිංචි කේ.පී. මංජුල ප්‍රදීප් ජයසිංහ සහ සියඹලාව මොරගොල්ලාගම පදිංචි හේරත් මුදියන්සේලාගේ අරවින්ද බණ්ඩාර හේරත් යන අයවලුන්ය.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් චතුරංග ද සොයිසා, අඹන්පොළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පද්ම කුමාර, නිකවැරටිය අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බණ්ඩාර යන නිලධාරීහු සමඟ පරිසර සංවිධාන වෙනුවෙන් නීතිඥ බන්දුල දසනායක මහතා හා තවත් නීතිඥවරියක පෙනී සිටියහ.

පෙබරවාරි 28 වැනි දින යළිත් මෙම නඩුව කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon