පොහොට්ටුව කියන්නේ හුළං බෝලයක්

  👤  3481 readers have read this article !
By mawbima 2018-02-15

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ලක්‍ෂ 36ක් ඉක්මවූ ඡන්දදායකයන් පිරිසක් සෘජුවම එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය පාවිච්චි කරද්දී සියයට 55කට අධික පිරිසක් රාජපක්‍ෂ රෙජිමයට හා පවුල් වාදයට එරෙහිව ජනමත විමසුමක් ලෙස ඡන්දය පාවිච්චි කිරීම එක්සත් ජාතික පක්‍ෂයට ආශීර්වාදයක් කරගෙන රටේ පාලනය සුරක්‍ෂිත කිරීමට ලද මහඟු අවස්ථාවක් බවත් ඒ සඳහා පූර්ණ සහාය ලබාදීමට කැපවන බවත් ජාතික සේවක සංගමය සඳහන් කරයි.

ජනවාරි 8 ජයග්‍රහණයේ පොරොන්දු ඉටු නොකිරීම, රාජපක්‍ෂ රෙජිමයේ හොරු නීතිය හමුවට යොමු කිරීමට අපොහොසත්වීම, ගොවීන්ට කලට වේලාවට පොහොර ලබා නොදීම, දේශපාලන පළිගැනීම්වලට ලක්වූ 33,000කට සහන සැලසීම ප්‍රමාද කිරීම, එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ පවුල්වලට රැකියා හා සමෘද්ධි දීමනා ලබා නොදීම, වැඩිහිටි දීමනා කප්පාදුව හා සමාජ සත්කාරක දීමනා ලබා නොදීම වැනි කරුණු හේතුවෙන් පාක්‍ෂිකයන් ලක්‍ෂ 10ක් පමණ ඡන්දය දීමෙන් වැළැකී සිටි බවද එහි ප්‍රධාන ලේකම් සිරිනාල් ද මෙල් මහතා පෙන්වා දෙයි.


මේ හේතුවෙන් එක් පක්‍ෂයක් අනපේක්‍ෂිත ලෙස ඉදිරියට පැමිණියද එය හුළං බෝලයක් වැනි තාවකාලික තත්ත්වයක් බවද ජාතික සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේය.

මෙසේ වෛරයෙන් එක්සත් ජාතික පක්‍ෂයට රිදවීමට හා පක්‍ෂය නිවැරැදි මාවතට යොමු කිරීමට ඡන්දය පාවිච්චි කළ පිරිස නැවත එක්සත් ජාතික පක්‍ෂයට දිනා ගැනීමේ වගකීම පක්‍ෂය සතුවන බව පෙන්වා දෙන ජාතික සේවක සංගමය මෙසේද සඳහන් කරයි.

වසර 20කට වඩා පීඩාවට පත්ව සිටි එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට ජාතික ආණ්ඩු ක්‍රමය නිසාද තවත් වසර 3ක් අපගේ පාලනය යටතේ ද පීඩාවට පත්වීම ඛේදජනක තත්ත්වයකි. මේ නිසාම ආණ්ඩුවට රතු එළියක් පෙන්වාදී නිවැරැදි වන ලෙස කාලයක් පාක්‍ෂිකයන් ලබාදී ඇත. සංවර්ධනයේ අභිමුඛයේ වුවද, ජනතාව පීඩාවට පත්වීමට කිසිදු සූදානමක් නැත. මෙම ජාතික ආණ්ඩු සංකල්පය තුළද වඩාත් පීඩාවට පත්වූයේද එක්සත් ජාතික පාක්‍ෂිකයන් බව පැහැදිලිය.මෙම තත්ත්වය තුළ එක්සත් ජාතික පාක්‍ෂිකයන්ටත් පොදුවේ රට වැසියන්ටත් සහන සලසා දෙමින් වේගවත් සංවර්ධනයක් කරා යොමු විය හැක්කේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවකට බවට ජනතාව තීන්දුවක් දී ඇත. එබැවින් පක්‍ෂ විපක්‍ෂ සියලු මන්ත්‍රිවරු එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් හා එක්ව තනි ආණ්ඩුවක් පිහිටුවීමට 2018 පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලය ආශීර්වාදයක් කරගෙන ඉදිරියට රට පාලනය කරන ලෙසත්, ඒ සඳහා ජාතික සේවක සංගමයේ පූර්ණ සහාය ලබා දීමට කැපවී සහාය පුද කරමු.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon