මේ ඡන්දයෙන් ආණ්ඩු හදන්න බෑ

  👤  3503 readers have read this article !
By mawbima 2018-02-15

පන්නල - ඩබ්.ඒ. සරත්

මේ ඡන්දයෙන් ආණ්ඩු හදන්න බෑ. ඇස් ඇරලා අපේ අඩුපාඩුකම් හදාගන්න මේක හොඳ අවස්ථාවක්. අපි ගම්වලට බැහැලා හොඳට සංවිධාන කටයුතු කරන්න ඕනෑ. ජනාධිපතිතුමත් එයාගෙ ස්ථාවරය කියන්න ඕනෑ. යූ.ඇන්.පී.ය හොරු කීවා. හොරු ඉන්නෙ එහෙ. අද ඡන්ද දායකයන්ට එපා වෙලා. හෙම්බත් වෙලා. අපිට ආසන 106ක් තියෙනවා. අපේ ආණ්ඩුවක් හදන්න තව ඕනෑ හයක් බව තිරසර සංවර්ධන, වනජීවී හා බුද්ධ ශාසන ඇමැති ජයවික්‍රම පෙරේරා මහතා කීය. පන්නල ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස 24ට අපි අපේක්ෂකයන් 44 දෙනකු ඉදිරිපත් කළා. අපි දිනුවේ එක කොට්ඨාසයයි. ඒත් හැමෝම බොහොම මහන්සියෙන් කටයුතු කළා. අපට බෝනස් එක්ක මන්ත්‍රි ධුර 13ක් ලැබී තිබෙනවා. දැන් මේ 44 දෙනා ඇතුළත ආසන 13 බෙදන්නේ කොහොමද? මේ 13ට කාන්තා නියෝජනයත් ඇතුළත් වෙන්න ඕනෑ. මේක අමාරු වැඩක්. ඒ නිසා මේ වැඩේ මම තනිවම කරනවා. කවුරුවත් ඒකට ඇඟිලි ගහන්න එන්න එපා. මට හැමෝම සන්තෝෂ කරන්න බැහැ. ආසනයම ආවරණය වන අයුරින් මම ඒ 13 දෙනා තෝරනවා යැයි ජයවික්‍රම පෙරේරා මහතා පැවැසීය. පන්නල ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයන් පන්නල මාහොලවේ පිහිටි ප්‍රධාන කාර්යාලයට ගෙන්වා ඔවුන් අමතමින් ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා එසේ පැවැසීය.

මේ අවස්ථාවට පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූවන් මෙන්ම ඔවුන්ගේ අධාරකරුවන් ද විශාල පිරිසක් පැමිණ සිටියහ. තවදුරටත් සභාව ඇමැතූ අමාත්‍යවරයා මෙසේද කීය.

මේ ආණ්ඩුව මේ වසර දෙකහමාරට කළ දේවල් බලන විට මෙතෙක් පැවැති කිසිම ආණ්ඩුවක් මෙච්චර වැඩ කර නෑ. මහ බැංකුවේ ගනුදෙනුව පිළිබඳව උලුප්පලා පෙන්නුවා. සමෘද්ධි සහනාධාරය 5,600කගේ කපනවා කියලා බය වුණා. අපේ ආණ්ඩුව වංචා දූෂණ කළැයි කියලා කීවා. මේවාගෙන් තමයි ඡන්ද කැඩුණේ. අපේ අය වංචා දූෂණ කරලා තියෙනවා නම් ඒවාට දඬුවම් දෙන්න ඕනෑ. අපි පසුගිය කාලේ රුපියල් 10,60,000ක් ස්වයං රැකියා සඳහා ණය දීලා තිබෙනවා. තිරසර සංවර්ධනය හරහා ගම්වල ස්වයං රැකියා සඳහා විශාල වැඩපිළිවෙළක් කරන්න බලාපොරොත්තු වෙනවා. ගම්වලට අවශ්‍ය සියලුම සැලසුම් හදන්න. මම පැරදුණා කියලා කවුරුවත් නිකන් ඉන්න එපා. ගමට බැහැලා පුළුවන් තරම් වැඩ කරන්න. අපි කොහොම හරි ගම ගොඩනඟමු.

මෙම අවස්ථාවේදී කටුගම්පළ ආසන සම සංවිධායක වයඹ පළාත් සභා මන්ත්‍රි අසංක පෙරේරා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එච්.එම්. අලෙවි යන මහත්වරු සභාව ඇමැතූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon