මාස හයකට අවශ්‍ය ඔෟෂධ තොග රැස් කර තබා ගන්න

  👤  3441 readers have read this article !
By mawbima 2018-02-15

දයා පෙරේරා

සෞඛ්‍ය සේවාව සඳහා මාස හයක කාලයකට අවශ්‍ය ඔෟෂධ තොග රැස් කර තබා ගන්නා ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. ඔෟෂධ හිඟයක් ඇති නොවන පරිදි කටයුතු කිරීම සඳහා රෝහල් අධ්‍යක්ෂවරුන් සමඟ දිනපතා සාකච්ඡා කර ඔෟෂධ තොග පිළිබඳ වාර්තා ලබා ගන්නැයිද ඇමැතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සහ රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාවටද ඇමැතිවරයා උපදෙස් දී තිබේ. ඔෟෂධ සැපයීම සඳහා අවශ්‍ය මුදල් අමාත්‍යාංශයෙන් ලබාදී ඇති බවත් දේශීය වශයෙන් ඔෟෂධ මිලදී ගැනීම රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාවෙන් සිදුකරන බවත් ඇමැතිවරයා අවධාරණය කර ඇත.
ජාත්‍යන්තරව නිපදවන ඔෟෂධ කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන ඒම පිණිස වෙනම අංශයක් ස්ථාපිත කරතැයිද ඒ සඳහා අවශ්‍ය මානව සම්පත බඳවා ගන්නා ලෙසද ඇමැතිවරයා නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ඔෟෂධ බෙදාහැරීම විධිමත් කිරීම පිළිබඳව ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී ඉහත උපදෙස් ලබාදී ඇත. ශ්‍රී ලංකාවට අවශ්‍ය ඔෟෂධ මෙරටදී නිපදවීමේ වැඩපිළිවෙළ ගැනද මෙහිදී සාකච්ඡා වී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය, රාජ්‍ය ඔෟෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම්. රූමි ඇතුළු නිලධාරීහු මේ සාකච්ඡාවට එක්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon